Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කළ ඩර්වින් පෙරේරා මහතා අද (15) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මියයන විට 68 හැවිරිදි වියේ පසුවූ ඩර්වින් පෙරේරා මහතා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ඉහළම ප්‍රවීනයකු ලෙස පිළිගැනීමට ලක්ව සිටියෙකි. හෙතෙම කලක් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයද දැරීය.
දශක තුනකට ආසන්න කාලයක් පුරා ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කළ ඔහු එයින් විශ්‍රාම ගන්නා විට නියෝජ්‍ය ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය දැරීය.
ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීනතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු ලෙස අන්තර්ජාතික පදක්කම් දිනාගත් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ මුල් පුහුණුකරුද වූ ඩර්වින් පෙරේරා මහතාගෙන් ගුරුහරුකම් ලද එම මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර ඔලිම්පික් හා ලෝක ශූරතා පදක්කම් දිනාගත් සුපිරි කෙටි ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ හා පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් දිනාගත් කඩුලු පැනීමේ ශූරී ශ්‍රියානි කුලවංශ මෙන්ම දිලීමා පීටර්සන් ද වූහ.
වසර 1997 ඇතෑන්ස් ලෝක මලලක්‍රීඩා ශූරතාවලියේදී සුසන්තිකා ජයසිංහ රිදී පදක්කමක් දිනාගත් අවස්ථාවේදී ඇගේ පුහුණුකරු ලෙස කටයුතු කළේද ඩර්වින් පෙරේරා මහතාය.
රාජ්‍ය සේවා ක්‍රීඩා සංගමයේ සභාපති ධුරයද දැරූ ඒ මහතාගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව අද රාත්‍රිය වනතුරුත් අවසන් තීරණයක් ගෙන නොතිබුණි.
දේහය වත්තල මංසන්ධියේ ප්‍රධාන බස්නැවතුම්පළ අසල පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසට අද රාත්‍රියේදී රැගෙන ඒමට නියමිතව තිබිණි.
- 223
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.