Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂි දිව්වේ වතුරේ - පුහුණුකරු

තරුෂි දිව්වේ වතුරේ - පුහුණුකරු

editorial - 2024 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ) 

දියගම මහින්ද  රාජපක්ෂ  පිටියේදී නිමාවට පත්වූ 102 වැනි ජාතික  මලල  ක්‍රීඩා තරගාවලියට  සහභාගිවීමේදී ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට කුඩම්මාගේ සැලකිලි හිමි වීමෙන් ඇගේ පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමේ දක්ෂතාවට එයින්  බලපෑමක්  එල්ලවූ බව ඇගේ පෞද්ගලික  පුහුණුකරු සුසන්ත  ප්‍රනාන්දු මහතා පවසයි.

එහිදී  මීටර් 800 ( කාන්තා) ඉසව්ව පැවැත්වීමේදී ධාවන පඨයේ රැදුණු වැසි ජලය ඉවත් කිරීමට බලධාරීන් පියවර නොගැනීමෙන් විශේෂයෙන්ම  තරුෂි  කරුණාරත්න  අපහසු  තත්ත්වයකට පත්වූ බවත් ඒ නොවන්නට ඇයට මෙම  ධාවනය තුළින්  ඉසව්වේ පැරිස්  ඔලිම්පික් නිර්දේශ  අතරේ අවම 39 වැනි  ස්ථානය දක්වා ඉහළට පැමිණීමේ  අවස්ථාව හිමිව තිබූ බවත් ප්‍රනාන්දු  මහතා පැවැසුවේ ඒ සම්බන්ධයෙන්  ‘ලංකාදීප’ ය කළ විමසුමකදීය.

 දියගම  ධාවන පඨයේදී පෙරේදා  මීටර්  800 (කාන්තා) ඉසව්වට සහභාගිවූ මෙහි ආසියානු ශූරතා රන් පදක්කම්ලාභීණියද වන තරුෂි  දිල්සරා එහිදී විනාඩි  2 තත්පර 04.22 කට ඉසව්ව ජය ගත්තාය.එහි පැරිස් ඔලිම්පික්  අවම නිර්දේශය විනාඩි 1 තත්පර 59.30 කි.

කෙසේවුවත් ප්‍රසාද  ලකුණු ක්‍රමයෙන්  ඒ සදහා  වඩාත් අවස්ථාවක්  තරුෂිට ළගාවෙමින් තිබෙන අතර  ඇය පෙරේදා  දියගමදී ධාවනයට සහභාගි  වූවාය.

කෙසේවුවත්  තරුෂිගේ පුහුණුකරු එල්ල කළ චෝදනාවට ‘ලංකාදීප’ය කළ විමසුමේදී ශ්‍රී  ලංකා මලල  ක්‍රීඩා ආයතනයේ  ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන  මහතා මෙසේ පැවැසීය

” මේක පදනමක් නැති මෝඩ කතාවක්.පැරිස්  ඔලිම්පික්  නිර්දේශ ලබා ගැනීමට තරුෂිට තරම් මෙරටින්  පහසුකම්  ලැබුණු වෙනත් ක්‍රීඩිකාවක් හෝ ක්‍රීඩකයෙක් මේ රටේ නෑ.

ධාවන පඨයේ වතුර ගැන කතා කරන්නේ තරගය ඉවර කළාට පස්සේ. ඒ ගැන ඇය අපිව දැනුවත් කිරීමක් කරලා තිබ්බෙත් නෑ.ඉසව්වට සහභාගි  වුණු වෙන කිසිම ක්‍රීඩිකාවකගෙන් ඔහොම චෝදනාවක් එල්ල වුණෙත් නෑ.

මේ ඉසව්ව උදෑසන  දාගත්තෙත් තරුෂිගේ ඉල්ලීමකට. මලල  ක්‍රීඩා ආයතනයට චෝදනා එල්ල වෙමින් තිබුණත් තරුෂිට පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ලබන්න ජාත්‍යන්තර  තරග අටක්  ලබා දුන්නා. ඒ සමහර ඒවාට ගිහිල්ලා තරුෂි දිව්වෙත් නෑ.

ඒවායේදීත් තරුෂිව ආරක්ෂා  කළේ මලල ක්‍රීඩා ආයතනයයි. එහෙම අපිටයි පුහුණුකරු  චෝදනා  කරන්නේ.”

මේ අතර පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  අපේක්ෂාවෙන් තරුෂි  කරුණාරත්න  ඇතුළු  ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් හෙට(30) පෙරවරු 8 ට දියගම ක්‍රීඩාංගණයේදී  තවත් තේරීම් තරගාවලියකට සහභාගි වේ.එහිදී  මීටර් 600 ධාවනයකට පමණක්  තරුෂි  සහභාගි  වන්නේ  මීටර්  800 ඉසව්වේ පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  ප්‍රසාද  ලකුණු  ඉහළ දමා ගැනීමේ  අරමුණිනි.


අදහස් (0)

තරුෂි දිව්වේ වතුරේ - පුහුණුකරු

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.