Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේදී පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවී සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හත් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (1) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. තරගාවලිය ජුලි මස 4 වැනිදා සිට 7 වැනිදා දක්වා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වේ.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෝ පස් දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ දෙදෙනෙක් ඇතුළත්ව සිටිති.
ඉන්දියාවේ පැවැති 12 වැනි ‘ඇසෑම්’ සාග් ක්‍රීඩා උළෙලේදී මීටර 100 ඉසව්වේ (කාන්තා) රන් පදක්කම දිනාගත් රුමේෂිකා රත්නායක මෙන්ම රිටි පැනීම ඉසව්වේ (පිරිමි) රන් පදක්කම දිනාගත් ඉෂර සඳරුවන් මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් පිළිබඳ අපේක්‍ෂාවන් වේ.
යසරෝහණ ද සිල්වා මහතා (කළමනාකරු) සහ රෝෂිනී බෝවත්ත මහත්මිය (පුහුණුකාරිණිය) නිලධාරීන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති.
පිරිමි කණ්ඩායම
ආර්. එස්. සංජීව ලක්මාල් (මීටර 1500), ඩබ්.පී.අමිල ජයසිරි (දුර පැනීම), ඉෂාර සඳරුවන් (රිටි පැනීම), එච්.එම්.දිලිප් රුවන් (මීටර 400), ඩී.එල්.සමරජීව (මීටර 5000, මීටර 10,000)
කාන්තා කණ්ඩායම
ගයන්තිකා අබේරත්න (මීටර 800), රුමේෂිකා රත්නායක (මීටර 100, මීටර 200)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.