Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් 8 ක්

තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් 8 ක්

ශනුක අරවින්ද - 2017 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජුනි මස 12 වැනිදා සිට 15 වැනිදා දක්වා තායිලන්තයේදී පැවැත්වෙන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වීමට නියමිතය.  

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩකයන් 4 දෙනෙකුගෙන් සහ ක්‍රීඩිකාවන් 4 දෙනකුගෙන් සමත්විත වන අතර ඔවුන් අතුරින් ක්‍රීඩකයකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වන්නේ පළමු වරට වීම සුවිශේෂී සිදුවීමකි.

අජිත් කරුණාතිලක (දසප්‍රයාම), අයේෂා මධුවන්ති (මිටිය විසි කිරීම) සහ අනිතා ජෙගතීෂ්වරන් (රිටි පැනීම) පළමු වරට ජාත්‍යන්තර තරගාවලියක් සඳහා සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වන අතර සම්පත් රණසිංහ (හෙල්ල විසිකිරීම), කාලිංග කුමාරගේ (මීටර 400), ධනුක ලියනපතිරණ (දුර පැනීම), විදූෂා ලක්ෂානි (තුන් පිම්ම) සහ නිලානි රත්නායක (මීටර 3000) කණ්ඩායමේ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

සී. සුභාෂ්කරන් මහතා එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට නියමිතය.

 

- 036


අදහස් (0)

තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ලංකාවෙන් 8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.