Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට (2022) ශ්‍රී ලංකාව සුදුසුකම් නාම ලේඛනයෙන් එක් ක්‍රීඩකයෙකු හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු නිර්දේශ ලබති. යුපුන් අබේකෝන් මීටර 100 (පිරිමි) ඉසව්වටද නිලානි රත්නායක මීටර 3000 බාධක (කාන්තා) ඉසව්වට හා ගයන්තිකා අබේරත්න මීටර 800 (කාන්තා) ඉසව්වටද තරග වැදීම සඳහා එහිදී නිර්දේශ තහවුරු කර ගැනීමට සමත් වූහ.
මීළඟ ලෝක මලල ක්‍රීඩා ශුරතා තරගාවලිය ඇමරිකාවේ ‘ඔරිගන්’ ප්‍රාන්තයේ ඉයුජින් නගරයේ දී පැවැත්වෙන්නේ මේ මස 15 වැනිදා සිට 24 වැනිදා දක්වාය.
ලෝක මලල ක්‍රීඩා ශුරතාවලියට මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනාම නිර්දේශ ලබා ඇත්තේ පළමු වතාවටය.
ඊට නිර්දේශ ලබා ගැනීමේදී සුපුන් අබේකෝන් මීටර 100 (පිරිමි) ඉසව්වේ නිර්දේශිත ක්‍රීඩකයන් 48 දෙනාගෙන් 42 වැනියාට ද (මෙතෙක් හොඳම දක්ෂතාවය තත්පර 9.96), මීටර 3000 – බාධක (කාන්තා) ඉසව්වෙන් නිලානි රත්නායක නිර්දේශිත ක්‍රීඩිකාවන් 45 දෙනාගෙන් 38 වැනියාට ද - හොඳම දක්ෂතාවය විනාඩි 9 තත්පර 40.00) හා මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ගයන්තිකා අබේරත්න නිර්දේශිත ක්‍රීඩිකාවන් 48 දෙනාගෙන් 46 වැනියාට ද - හොඳම දක්ෂතාවය විනාඩි 2 තත්පර 01.44) පත්වෙමින් මෙවර ලෝක ශූරතා වරම් දිනා සිටිති.
ලෝක ශුරතා කඩඉම් ආසන්නටයම පැමිණ සිටියදී එය අවසන් මොහොතේ අහිමි වී ගිය ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ දුර පැනීමේ ක්‍රීඩිකා සාරංගි ද සිල්වාය. ක්‍රීඩකයා වන්නේ හෙල්ල වීසිකිරීමේ ක්‍රීඩක සුමේධ රණසිංහය.
ඉයුජින් ලෝක ශූරතා තරගාවලියට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිර්දේශ ලබා ගැනීම් පසුගිය ජූනි 27 දා නිමාවට පත්විය.
ඒ වන විට සුමේධ රණසිංහ සිය ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි පසුවූයේ 39 වැනි ස්ථානයේය. ලෝක ශූරතාවලියට සහභාගි කර ගන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්හි 32 වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන් පමණි.
මේ අතර සාරංගි ද සිල්වා වඩාත් අවාසනාවන්ත වූයේ ලෝක ශුරතා නිර්දේශ කඩඉම් ආසන්නයටම පැමිණ සිටීම හේතුවෙනි. ඉයුජින් ලෝක ශූරතා තරගාවලියට දුරපැනීම (කාන්තා) ඉසව්වෙන් නිර්දේශ ලබන්නේ ක්‍රීඩිකාවන් 32 දෙනෙකු පමණි. ශ්‍රේණිගත කිරීම් අනුව ඇය ඒ වන විට පත්ව සිටියේ 34 වැනි ස්ථානයේය.
සුමේධ රණසිංහගේ හෙල්ල වීසිකිරීමේ ප්‍රගතිය අවම මීටර 85 ක් වූයේ නම් ඔහුට ලෝක ශූරතා වරම් ලබා ගැනීමේ හැකියාව තිබුණි. එහෙත් ඔහුගේ ඒ වන විට ඉහළම දස්කම වූයේ මීටර 82.16 ක් පමණි.
සාරංගී ද සිල්වාගේ මෙතෙක් දුර පැනීමේ හොඳම දක්ෂතාවය මීටර 6.65 කි. එය එහි ශ්‍රී ලංකා වාර්තාව ද වේ.
කෙසේ වුවත් ඉයුජින් ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමේ අවසන් උත්සාහය ලෙස ඇය නොබෝදා පෝලන්තයේ හා ස්විට්සර්ලන්තයේ පැවැති ජාත්‍යන්තර තරගාවලි කීපයකට යොමු කළත් එය සාර්ථක නොවීය. පසුගිය ජූනි 14 වැනිදා සාරංගිගේ අවසන් ලෝක ශුරතා තරග උත්සාහය ලෙස ස්විට්සර්ලන්තයේදී තරග වැදීමේදී ඇගේ දක්ෂතා මීටර 6.19 කට අවම තත්ත්වයක් ගෙන තිබුණි.
කෙසේ වුවත් ඉසුජින් ලෝක ශුරතා තරග උස පැනීම (කාන්තා) අවට සුදුසුකම වූයේ මීටර 7.00 කි.
දෝහා කටාර් හිදි පැවැති පසුගිය (2019) ලෝක ශුරතා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ සහභාගිත්වය මැරතන් ක්‍රීඩිකා හිරුණි කේෂානි පෙරේරාට පමණක් සීමා විය. ඒ නිර්දේශ ලබාගත්තේ ශ්‍රී ලංකාවෙන් ඇය පමණක් වීම නිසාය.
මෙවර ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය වසරක ප්‍රමාදයකින් පසුව පැවැත් වේ. ඊට හේතු වූයේ වසර 2021 දී පැවැත්වීමට සූදානම් කර තිබූ තරගාවලිය කොවිඩ් වසංගතය හේතුවෙන් කල් දැමීම හේතුවෙනි.
ඉයුජින් හිදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙස සජිත් ජයලාල් මහතා කටයුතු කරයි. ජාතික ක්‍රීඩා විද්‍යාතනයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන සජිත් ජයලාල් මහතා මෙරට සිටින ප්‍රවීනතම මලල ක්‍රීඩා පුහුණුකරුවෙකු වන අතර ලෝක ශූරතා තරග සංචාරය නිර්දේශ ලබා සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනාගේම පෞද්ගලික පුහුණුකරු වන්නේ ද ඔහුය.
ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් ඔහු වෙසෙන ඉතාලියේ සිට ඉයුජින් ලෝක ශූරතා තරගාවලියට සහභාගි වන්නේ ඔහුගේ ඉතාලි ජාතික පෞද්ගලික පුහුණුකරු හා භෞතචිකිත්සකවරයා ද සමගිනි.
1983 දී ආරම්භ වූ ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලි ඉතිහාසයේ මෙතෙක් ශ්‍රී ලංකාව දිනා ඇත්තේ පදක්කම් දෙකක් පමණි. එම පදක්කම් දෙකටම හිමිකම් කියන්නේ මෙතෙක් ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම කෙටි දුර ධාවන ශූරිය ලෙස සළකන ඔලිම්පික් පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහයි.
1997 ඇතැන්ස් ලෝක ශූරතාවලියේදී මීටර 200 කාන්තා ඉසව්වෙන් රිදී පදක්කමක් (තත්පර 22.39) දිනූ ඇය හරියටම තවත් දශකයක කාලයකට පසුව එම ඉසව්වෙන්ම ලෝක ශූරතා ලෝකඩ පදක්කමක් (තත්පර 22.63.) හිමිකර ගත්තේ ජපානයේ ‘ඔසාකා’ නුවර දී ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.