Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සංවිධානයෙන් දියගම මහින්ද රාජපක්‍ෂ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 44 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ තෙවැනි දිනය වූ අද (07) නව තරග වාර්තා හතරක් පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සමත් වූහ. මෙම තරගාවලියේ මේ දක්වා නව තරග වාර්තා 7 ක් සටහන් වී තිබේ.
කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ එච්. පී. එම්. පී. සමරතුංග වයස 14 න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේදී මීටර 5.14 ක් පනිමින් වසර 24 ක් පැරණි වාර්තාව බිඳ හෙළීමට සමත් වූවාය. එහි පැරණි වාර්තාව 1989 වසරේ කොළඹ බිෂොප් විදුහලේ අමල්කා පේ‍්‍රමරත්න මීටර 5.03 ක් පනිමින් පිහිටුවා තිබුණි.
එච්. පී. එම්. පී. සමරතුංග
දින හතරක් පැවැති මෙම තරගාවලියේ සමාප්ති උත්සවය අද (08) පස්වරු 2.00 සිට අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න, සිලෝන් බිස්කට් ආයතනයේ සමූහ අධ්‍යක්‍ෂ නන්දන වික‍්‍රමගේ සහ ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති වී. උපාලි අමරතුංග යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ.
අද (07 වැනිදා) පිහිටුවන ලද නව වාර්තා
වයස 15 න් පහළ (බාලක) - මීටර 200
ඒ. එන්. ජීවන්ත විජේසේකර - තත්පර 23.64 (රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසල)
වයස 15 න් පහළ (බාලක) - මීටර 800
ආර්. එන්. කුමාරගේ - තත්පර 11.55 (මහනුවර ත‍්‍රිත්ව විදුහල)
වයස 14 න් පහළ (බාලිකා) - දුර පැනීම
එච්. පී. එම්. පී. සමරතුංග - මීටර 5.14 (කුරුණෑගල මලියදේව බාලිකා විදුහල)
ඒ. එන්. ජීවන්ත විජේසේකර
වයස 14 න් පහළ (බාලක) - හෙල්ල විසිකිරීම
ඩබ්ලිව්. විනෝද් කසුන්ත - මීටර 42.08 (ජාඇල ක‍්‍රිස්තුරාජ විදුහල)
- යොහාන් භාසුර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.