Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තුන්වැනි දිනයේ නව වාර්තා 3 ක්

තුන්වැනි දිනයේ නව වාර්තා 3 ක්

ශනුක අරවින්ද - 2015 සැප් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා පාසල් මළල ක‍්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් 46 වැනි වරටත් පැවැත්වෙන ජෝන් ටාබට් කුසලාන කණිෂ්ට මළල ක‍්‍රීඩා ශූරතාවලියේ තෙවැනි දිනය වූ අද (17) යගුලිය, කවපෙත්ත සහ හෙල්ල විසි කිරීමේ ඉසව් වලින් නව තරග වාර්තා තුනක් පිහිටුවන ලදි.

ක‍්‍රීඩා උළෙලේ 15 න් පහළ බාලිකා යගුලිය විසි කිරීමේ ඉසව්වේ දී මීටර් 9.87 ක් සහ මීටර් 9.49 ක් වාර්තා කරමින් පැරණි වාර්තාව අභිබවා යාමට කොළඹ කාන්තා විද්‍යාලයේ රෙනා ඬේවිඞ් හා සරිෂා ගුණසේකර ක‍්‍රීඩිකාවෝ සමත් වූහ.

මේ අනුව 2012 වසරේ මීගමුව අවේ මරියා විද්‍යාලයේ ජානි සිල්වා පිහිටුවන ලද මීටර්  8.93ක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාව බිඳ වැටුණි.

වයස අවුරුදු 14 න් පහළ බාලක කවපෙත්ත විසි කිරීමේ ඉසව්වේ මීටර් 39.89 ක දක්ෂතාවයක් දැක්වූ හලාවත ශාන්ත මරියා විද්‍යාලයේ නිපුණ දිරුක්ෂාන් පෙරේරා රන් පදක්කම දිනා ගනිමින් නව වාර්තාවක් පිහිටුවීය. ඒ අනුව 2014 වසරේ යාපනය හාට්ලි විද්‍යාලයේ බාලචන්ද්‍රන් අනන්ත්  මීටර් 37.33ක් වාර්තා කරමින් තබා තිබූ වාර්තාව බිඳ වැටුණි.

15 න් පහළ බාලිකා හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වේ මීටර් 30.98 ක දුරක් වාර්තා කළ අගමැති බාලිකා මහා විද්‍යාලයේ ඞී. වාසනා මෙන්ඩිස් රන් පදක්කම දිනාගත්තාය. ඒ අනුව 2009 වර්ෂයේ කොළඹ විශාකා බාලිකා විiාලයේ හේසාන්ද්‍රි ධර්මදාස මීටර් 30.55ක් වාර්තා කරමින් තිබූ වාර්තාව බිඳ වැටුණි.

ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 5500ක් සහභාගි වන ජෝන් ටාබට් කණීෂ්ඨ මළල ක‍්‍රීඩා  ශූරතාවලියේ අවසාන දිනය හෙට (18) යි. තවත් අවසාන තරග ඉසව් 18 ක් හෙට අනුරාධපුර උතුරු මැද පළාත් ක‍්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 


අදහස් (0)

තුන්වැනි දිනයේ නව වාර්තා 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.