Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ නිලවරණයට අනුරාධපුරය දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයෙන් නියෝජිතයන් නම් කිරීමේදී සිය අත්සන ව්‍යාජ ලෙස යොදාගෙන ඇතැයි එහි සභාපතිවරයා මලල කී‍්‍රඩා සංගමයට පැමිණිලිකර ඇතැයි වාර්තා වේ.
එම පැමිණිල්ල සම්බන්ධයෙන් මලල කී‍්‍රඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීමේ දී පසුගියදා සාකච්ඡ කෙරුණු බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා උපදෙස් දුන් බවද වාර්තා වේ.
එම පරීක්ෂණය නීතිඥයෙකුගේ සහයද ලබා ගනිමින්, සංගමයේ විනය කමිටුව විසින් පැවැත්වීමට තීරණය කර ඇතැයිද මලල කී‍්‍රඩා සංගම් ආරංචිමාර්ග සඳහන් කරයි.
මලල කී‍්‍රඩා සංගමයේ පැවැති නිලවරණයට අනුරාධපුර දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමය නියෝජනය කරමින් නියෝජිතයන් තිදෙනකු ඡන්ද විමසුමටද සහභාගිවී තිබේ.
කෙසේ වුවත් ඒ සඳහා අනුමැති දුන් ලිපියට තමන් අත්සන් නොකළ බවට මේවන විට අනුරාධපුර දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා දැනුම් දීමක් කිරීමෙන් පසු සිද්ධිය ගැන පරීක්ෂණයක් පැවැත්වීමට මධ්‍යම කමිටු රැස්වීමේදී තීරණයවී තිබේ.
මේ වනවිට අනුරාධපුර දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ නිලධාරි මණ්ඩලයත් කි‍්‍රයාත්මක වුවත් වසර කීපයක් තිස්සේ එහි නිසි කි‍්‍රයාකාරිත්වයක් නැතැයි එම සංගමයට චෝදනා එලල්වී තිබේ.
- නාමල් පතිරගේ
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.