Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දිල්හානිගෙන් ලෝකඩ පදක්කමක්

දිල්හානිගෙන් ලෝකඩ පදක්කමක්

ශනුක අරවින්ද - 2013 අගෝ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ නැංජින් නුවර පැවැත්වෙන 2 වැනි ආසියානු යොවුන් කී‍්‍රඩා උළෙලේදී ශී‍්‍ර ලංකාවට තුන්වැනි ලෝකඩ පදක්කම දිනා දීමට දිල්හානි ප‍්‍රනාන්දු සමත්වූවාය. අද (22 වැනිදා) පැවති මීටර් 800 බාලිකා අවසන් මහ තරගය තෙවැනියා ලෙස අවසන් කරමින් ඇය මෙම පදක්කමට හිමිකම් කීවාය.

තරගය අවසන් කිරීම සඳහා ඇය ගතකළ කාලය විනාඩි 2 යි තත්පර 15.12 කි. කෙසේ වෙතත් දිල්හානි මෙහිදී ඇගේ හොඳම කාලය වාර්තා කිරීමට සමත්වූවා නම් ඇයට රිදී පදක්කම කරා යාමට අවස්ථාවක්ද තිබුණි.

මෙම ඉසව්වේ රන් පදක්කම විනාඩි 2 යි තත්ත්පර 11.47 ක කාලයකින් තරගය නිමා කළ ඉන්දියාවේ අංජනා ධවාලූ දිනාගත් අතර රිදී පදක්කම විනාඩි 2 තත්ත්පර 14.14 ක කාලයකින් තරගය නිමා කළ මලයාසියාවේ ජොගින්දර් සිංට හිමිවිය.

තරගාවලියට සහභාගීවී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මින් පෙර මීටර් 110 කඩුලූ පැන දිවීමේ තරගයේ (බාලක) රිදී පදක්කමද, ස්කොෂ් (බාලිකා), මීටර් 400 (බාලිකා) යන තරග ඉසව් වලදී ලෝකඩ පදක්කම්ද දිනා තිබේ.
 


අදහස් (0)

දිල්හානිගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.