Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේදී දැන් පැවැත්වෙන තායි විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ අද (6) පැවැති මීටර 400 ඉසව්වේ (පිරිමි) තරගයෙන් රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක දිලිප් රුවන් සමත්විය. දිලිප්, අවසන් මහා තරගය තත්පර 46.99 කින් අවසන් කරමින් රන් පදක්කම දිනා ගත්තේය.
ඔහු මුලික වටයේ තරගය තත්පර 47.06 කින් අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීය. මෙම තරගාවලියේ ශ්‍රී ලංකාව මේ දක්වා දිනාගත් තෙවැනි රන් පදක්කම මෙය වේ.
ගයන්තිකා අබේරත්න සහ සංජීව ලක්මාල් මීටර 1500 පිරිමි සහ කාන්තා ඉසව් දෙකෙන් රන් පදක්කම් දිනා ගත්හ.
අද පැවැති තවත් තරගයකදී දකුණු ආසියානු කෙටි දුර ධාවන ශූරි රුමේෂිකා රත්නායක මීටර 200 ඉසව්වෙන් (කාන්තා) ලෝකඩ පදක්කම හිමිකර ගත්තාය. ඇය එම තරගය තත්පර 24.23 කින් නිම කළාය. මෙහි මීටර 100 (කාන්තා) ඉසව්වට සහභාගි වු රුමේෂිකාට එම ඉසව්වේද හිමිවුයේ ලෝකඩ පදක්කමයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.