Last Update  :  2025-03-20 21:32:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දකුණු ආසියාවේ ලොකුම කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්
නැන්ජින් ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා

දකුණු ආසියාවේ ලොකුම කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්

editorial - 2025 මාර් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ නැන්ජින් නුවරදී සිකුරාදා (21) ආරම්භ වන 20 වැනි ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම 12 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.එය වසර 24 කට පසුව එම තරගාවලියට ශ්‍රී ලංකාව සහභාගි කරන වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසයි.එය මෙවර තරගාවලියට දකුණු ආසියාවේ රටකින් සහභාගි වන වැඩිම කණ්ඩායම බවටද පත්ව තිබේ.ඉන්දීයාවෙන් ඊට සහභාගිත්වය එක් ක්‍රීඩකයකුට සීමාවී තිබුණි.

අවසන් මොහොතේදී නැන්ජින් තරග සංවිධායකයන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට සිය මීටර 400 X 4 පිරිමි හා කාන්තා සහාය දිවීමේ කණ්ඩායම් දෙකක් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවීමෙන් මෙලෙස ඔවුන්ගේ සහභාගිත්වය ඉහළ ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් දෙක නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව දෙනෙක් සංචාරයට අලුතින් එක්ව සිටිති.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය දියගමදී පැවැත්වූ දෙවැනි (විවෘත) ජාතික තේරීම් තරගාවලියේදී මීටර 400 (කාන්තා හා පිරිමි) ඉසව් දෙකේ පස් වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් නැන්ජින් ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරග සංචාරයට නිර්දේශ කර තිබේ.

තරගාවලියට කලින් ශ්‍රී ලංකාවෙන් නිර්දේශ ලබා සිටියේ ක්‍රීඩකයන් තිදෙනකු පමණි. චමෝද් යෝධසිංහ  (මීටර 60 - පිරිමි), කාලිංග කුමාරගේ (මීටර 400 - පිරිමි) හා කවීශ බන්ඩාර  (මීටර 60 - කඩුලු - පිරිමි) ඔවුහු වෙති.

කාලිංග කුමාරගේ ශ්‍රී ලංකා සහාය දිවීමේ පිරිමි කණ්ඩායමටද ඒ අනුව නිර්දේෂ ලබා සිටියි. තරගාවලිය ලබන සෙනසුරාදා හා ඉරිදා (22 - 23) යන දිනවලදීත් පැවැත්වේ. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (19) දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටියි.

මෙවර නැන්ජින් නුවරදී පැවැත්වෙන 20 වැනි ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට රටවල් 127 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 කට ආසන්න පිරිසක් සහභාගිවීමට නියමිතය. මෙවර අවසන් මොහොතේදී ශ්‍රී ලංකාවට සහාය දිවීමේ ඉසව් වෙතින් සහභාගිත්වයට අවස්ථාව හිමි වූයේ ඒ සදහා නිර්දේශ ලබා සිටි රටවල් කීහිපයක් ඉන් ඉවත්වීමට ගත් තීරණයෙනි.

වසර 2020 දී නැන්ජින් නුවරදී  පැවැත්වීමට නියමිතව තිබූ මෙම තරගාවලිය කොවිඩ් රෙගුලාසි හේතුවෙන් චීනයේ සත්කාරයෙන් තාවකාලිකව ඉවත් කෙරුණි. එහෙත් 2022 තරගාවලිය බෙල්ග්‍රේඩ් නුවරදීත් හා 2024 තරගාවලිය ග්ලාස්ගෝ නුවරදීත් පවත්වා අවසන් කර තිබේ.

සංචාරක ශ්‍රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් දෙකට නැන්ජින් සංචාරයට අනුග්‍රහය දරන්නේ චීන තරග සංවිධායකයන් විසිනි.

 

නැන්ජින් ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම් දෙක

• මීටර 400 X 4 (පිරිමි) : - කාලිංග කුමාරගේ (යුද හමුදාව) රන්දිම මධුෂාන් (යුද හමුදාව), සදෙව් රාජකරුණා (වෙන්නප්පුව ශාන්ත ජෝශප් වාස් විදුහල), ඔමෙල් සචින්ත සිල්වා (කදාන ශාන්ත සෙබස්තියන් විදුහල), ඉසුරු ලක්ශාන් (යුද හමුදාව)

• මීටර් 400 X 4 (කාන්තා) : - නිපේන්ද්‍රා ප්‍රනාන්දු (ගුවන් හමුදාව), නදීෂා රාමනායක (යුද හමුදාව), සයුරි මෙන්ඩිස් (නාවික හමුදාව), ජයේසී උත්තරා (යුද හමුදාව), ජිත්මා විජේතුංග (වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)


අදහස් (0)

දකුණු ආසියාවේ ලොකුම කණ්ඩායම ශ්‍රී ලංකාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.