Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමේ කඩ ඉමට ඉතා ආසන්නවී සිටින මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු වන මීටර් 400 ශූර අනුර දර්ශන හා හෙල්ල විසී කිරීමේ ශූරි නදීෂා දිල්හානි ලේකම්ගේ චීනයේ චොන්ග්කින්ග් හිදී මැයි 27 හා 29 යන දිනවලදී පැවැත්වෙන ග්‍රෝන් - ප්‍රී මලල ක්‍රීඩා තරග තරග මාලාවට සහභාගිවීම සදහා අද (24) රාත්‍රියේදී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණි.
එහිදී අනුර මීටර් 200 (පිරිම්) ඉසව්වටද සහභාගි වන අතර මෙම තරග සංචාරයේ ඔවුන්ගේ මූලිකම අරමුණ පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ තහවුරු කර ගැනීමය.
චීනයේ නිරිතදිග ප්‍රදේශයට අයත් චොන්ග්කින්ග් නගරය එරට මධ්‍යම රජය යටතේ කෙළින්ම පාලනය වන එරට ප්‍රධානතම නගර හතරෙන් එකකි.එය චීනයේ කෝටි තුනකට වැඩි ජනගහනයක් වෙසෙන එකම මහ නගර සභා පරිපාලන ප්‍රදේශයද වේ.
මෙම තරග සංචාරයේදී ඔවුන්ගේ පුහුණුකරු ලෙස අසංක රාජකරුණා මහතා එක්වේ.
මෙම තරග සංචාරයෙන් පසුව මොවුන් දෙදෙනා කෙළින්ම එහි සිට ජූනි 1 - 2 තායිවානයේදී පැවැත්වෙන තායිවාන විවූත මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වන බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
ඒ සදහා මෙරට සිට මීටර් 800 ශූරියන් වන තරුෂි දිල්සරා කරුණාරත්න, හා ගයන්තිකා අබේරත්න හා මීටර් 400 ශූරී නදීෂා රාමනායක යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝද සහභාගි වෙති.
චීනයේ තරගාවලියට සහභාගි වන නදීෂා ලේකම්ගේ පැවැති 2023 හංජෝ ආසියානු ක්‍රීඩා උළෙලේදී මෙතෙක් ඇගේ ඉසව්වේ හොඳම දක්ෂතාවය පළ කරමින් හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් මිටර් 61.57 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා තිබේ.
ඊට පෙර 2023 දීම බැංකොක් නුවරදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේදී 37 හැවිරිදි දිල්හානි සිය ඉසව්වෙන් මීටර් 60.93 ක හැකියාවක් පෙන්වමින් ලෝකඩ පදක්කම ලැබීය. පැරිස් ඔලිම්පික් නිර්දේශ ලැබීමට දිල්හානි අවම මිටර 64.00 දක්ෂතාවයක් පළ කළ යුතුය.
අනුර දර්ශන ඒ සදහා මීටර් 400 ඉසව්වෙන් තත්පර 45.00 දක්ෂතාවයක් පළ කළ යුතුය.කෙසේවුවත් මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාගේ මෙතෙක් ඉසව්වේ හොඳම දක්ෂතාවය තත්පර 45.30 කි.
මෙම දක්ෂතාවයම ඔහු ඉකුත් මාර්තු 31 වැනිදා දියගමදී පැවැති යුද හමුදා තරගාවලියේදීත් ප්‍රදර්ශනය කර තිබේ.මොහු 2023 ජූලි මාසයේදී බැංකොක් නුවරදී පැවැති ආසියානු ශූරතා තරගාවලියේදී තත්පර 45.79 කට රිදී පදක්කම දිනා තිබේ.
කෙසේවුවත් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් සදහා මලල ක්‍රීඩාවෙන් (ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට) පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා ගැනීමට ජූනි 31 වැනිදා ද,ක්වා අවස්ථාව සැළසී තිබේ.
මේ වනවිට ඒ සඳහා ආසන්නයේම දක්ෂතා පළ කර තිබෙන මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තවදුරටත් අවස්ථාව සළසාදීමට මලල ක්‍රීඩා ආයතනය මෙම තරග සංචාර සංවිධානය කර තිබේ.
එම අවස්ථාව සලසා ගැනීමට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළු තවත් දෙශීය තරගාවලි කීපයක්ද ඉතිරිව තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.