Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දර්ශාගේ වාර්තා 2 ක් රුමේෂිකා බිඳ දමයි

දර්ශාගේ වාර්තා 2 ක් රුමේෂිකා බිඳ දමයි

Dilrukshi - 2015 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නව තරග වාර්තා 23ක් බිහිවෙමින් නිමාවට පත් වු 35 වැනි ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ විශේෂිතම සිදු වීම වුයේ හිටපු සුපිරි ධාවන ශූරී දමයන්ති දර්ශා පාසල් සමයේ පිහිටුවා තිබු වසර 21ක් පැරණි වාර්තා දෙකක් බිඳ වැටීමය.මීටර් 100 හා මීටර් 200 වයස 20න් පහළ බාලිකා ඉසව් දෙකක් නව තරග වාර්තා පිහිටුවමින් මෙම දස්කම කළේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහලේ  රුමේෂිකා කුමාරී රත්නායක විසිනි.

තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (26) වැනිදා මීටර 100 වයස 20න් පහළ බාලිකා ඉසව්ව තත්ත්පර 11.88කට නිමා කරමින්  නව වාර්තාවක් පිහිටුවීමට ඇය සමත් වුවාය.මේ අතර මෙම වයස් කාණ්ඩයේ බාලිකා මීටර 200 ඉසව්වෙන් ද තත්ත්පර 24.12 නව වාර්තාවක් පිහිටුවීමට රුමේෂිකා සමත් වුවාය. මෙම ඉසව් දෙකේම  පැරණි  වාර්තාවන්ට හිමි කම් කීවේ  ශ්‍රී ලංකාවෙන් බිහිවු දක්ෂතම කෙටි ධාවන ශූරියක් වන දමයන්ති දර්ශාය. ඇය කොළඹ කාන්තා විදුහලේ සිසුවියක්ව සිටියදී එහි පැරණි වාර්තා පිහිටුවූවාය.

ඒ 1993 දී මීටර 100 තත්ත්පර 12.40 ක් ලෙසටය. රුමේෂිකාගේ මෙවර තරගාවලියේ දස්කම්හි තවත් කැපී පෙණුන සිදු වීම වුයේ ඇය මීටර 100 වයස 20න් පහළ බාලිකා ඉසව්වේ මූලික වටයේදීද තත්ත්පර 11.85 ක දක්ෂතාවයන් දක්වමින් දර්ශාත් මෙම ඉසව්වේ පැරැුණි වාර්තාව මෙම තරගාවලියේදීම දෙවතාවක්ම බිද  දැමීය.

දර්ශා  සුගතදාස ක‍්‍රීඩාංගණ ධාවන  පථයේ එදා පිහිටවු මෙම නව වාර්තා මෙදා රුමේෂිකා  බිද දැමුවේ  ‘දියගම මහින්ද රාජපක්ෂ’  ක‍්‍රීඩාංගණයේ  කෘතිම ධාවන පථයේදීය. ඇගේ මෙම දස්කම් අනාගතයේදී ශ්‍රී ලංකාවට තවත් සුපිරි කෙටි ධාවන ශූරීයක් බිහිවන ලකුණු පෙනේ.

දින හතරක් පුරා දියගම මහින්ද රාජපක්ෂ  ක‍්‍රිඩාංගණයේ පැවැති 35 වැනි ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේදී  තරගාවලියේදී නව වාර්තා 23ක් බිහිවීම හැරෙන්නට පැරැණි වාර්තා අභිබවා ගිය දක්ෂතා අවස්ථා හතක් වාර්තා විය.පැරැණි වාර්තාව සම කළ හැකි අවස්ථා දෙකක් ද වාර්තා විය. තරගාවලියේ  විශේෂ දක්ෂතා  දැක්වුවන් ඉදිරියේදී ජාතික  කනිෂ්ඨ පුහුණු සංචිතය සඳහා කැඳවීමට නියමිතය.

හිටපු ක‍්‍රීඩක සුගත් තිලකරත්න මහතා සභාපතිත්වය දරන ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනය සංවිධානය කළ මෙවර ජාතික කනිෂ්ඨ මලල තරගාවලියට ක‍්‍රීඩා  අමාත්‍යාංශ අනුග‍්‍රාහය  ලැබී තිබිණී.

 

 


අදහස් (0)

දර්ශාගේ වාර්තා 2 ක් රුමේෂිකා බිඳ දමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.