Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics දිල්හානි ලේකම්ගේ අද තරග බිමේ
පැරිස් ඔලිම්පික් - 2024

දිල්හානි ලේකම්ගේ අද තරග බිමේ

editorial - 2024 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ  ප්‍රංශයේ  පැරිස්  නුවර සිට)

පැරිස්  ඔලිම්පික්  උළෙලට සහභාගි  වන අවසන් ශ්‍රී  ලංකා තරගාකාරිය වන හෙල්ල  විසී කිරීමේ  ක්‍රීඩිකා  නදීෂා  දිල්හානී ලේකම්ගේ අද (7) තරග වැදීමට නියමිතය. ශ්‍රී  ලංකා වේලාවෙන් පස්වරු 1.55 ට ( ප්‍රංශ වේලාවෙන් පෙරවරු 10.25)    හෙල්ල විසි කිරීම (කාන්තා)   මූලික තරග වටය ආරම්භ වේ.එහි මූලික වටය ඒ හා බී පරිදි කාන්ඩ දෙකකින් සමන්විතය.

37 හැවිරිදි  දිල්හානි ඔලිම්පික්  නිර්දේශ  ලබා ගත් පළමු අවස්ථාව  මෙයයි.ඇය මෙවර පැරිස්  ඔලිම්පික්  උළෙලට  සහභාගිවූ ශ්‍රී  ලංකා සමස්ත කණ්ඩායමේ නායිකාව ලෙස එහි සමාරම්භක  උත්සවයේදී ශ්‍රී  ලංකා  ධජය රැගෙන යාමේ අවස්ථාවද උදා කර ගත්තාය.

දිල්හානි ආසියානු පදක්කම්ලාභීණියක්  වන අතර ශ්‍රේණිගත  ලකුණු ක්‍රමයෙන් මෙවර පැරිස්  ඔලිම්පික් නිර්දේශ  ලබා ගත් පිටියේ ඉසව් එකම ශ්‍රී  ලාංකිකයායි.ඔලිම්පික්  උළෙලක නිර්දේශ  ලබා ගත් හෙල්ල  විසි  කිරීමේ තෙවැනි ලාංකික ක්‍රීඩිකාව දිල්හානිය.

මීට පෙර 1992 බාසිලෝනා  හා 2012 බීජිං  යන ඔලිම්පික්  උළෙල  දෙකකදී පිළිවෙලින්  විජිතා අමරසේකර හා නදිකා ලක්මාලි මෙම ඉසව්වෙන් ඔලිම්පික්  නියෝජනය  ලබා තිබේ.

වසර 2023 දී සිය ඉසව්වෙන් කැපී පෙණෙන දක්ෂතා අතරට පැමිණි දිල්හානි එහිදී  හංජෝ ආසියානු  ක්‍රීඩා (2022) උළෙලේදී මෙතෙක් සිය හොදම දක්ෂතාවය  මීටර්  61.57කට පළ කරමින් රිදී  පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

2023 ආසියානු ශූරතා  තරගාවලියේදී ඇයට හිමිවූයේ ලෝකඩ පදක්කමයි. ඒ මීටර 60.93  ක දක්ෂතාවයකි.ශ්‍රී  ලංකා යුද හමුදාවේ කාන්තා බලකායේ කෝප්‍රල්වරියක් වන දිල්හානි 2023 බුඩාපෙස්ට්  ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදී  පෙන්නුවේ මීටර්  55.30 ක හැකියාවකි. එහිදී  ඇයට අත්වූයේ අවසන් තරගයේදී  ඉසව්වේ 10  වැනි ස්ථානයයි.

අද තරග වැදීම පිළිබදව  ලංකාදීපයට  පැරිස් නුවරදී අදහස් දැක්වූ ඇය ඔලිම්පික්  නිර්දේශ  ලබා ගැනීමට තමාට අවුරුදු  37 ක් වන තෙක් බලා සිටීමට සිදුවූ බවත් ලෝක ශූරියන් මුණ ගැසෙන මෙම අවස්ථාවේදී සිය ඉසව්වේ මෙතෙක් පළ කළ හොදම දක්ෂතාවයට යාම සිය පළමු උත්සහයත් අවසන් තරගයට නිර්දේශ  ලැබීම දෙවැනි උත්සහය  වන බවත්  බවත් පැවැසුවාය.

ඇගේ පුහුණුකරු  ලෙස කටයුතු  කරන ප්‍රදීප් නිශාන්ත මහතා පැරිස් නුවරදී පැවැසුවේ ඒ සදහා  ඇය මේ වන විට මනා සූදානමකින් පසු වන බවයි.ප්‍රදීප් ලෝක වාර්තාලාභී පැරලිම්පික් ශූර දිනේෂ් ප්‍රියන්ත ඇතුළුව ජාත්‍යන්තර පදක්කම් දිනූ මෙරට හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ පෞද්ගලික  පුහුණුකරුවායි.

දිල්හානිගේ අද තරග වැදීමෙන් පසුව ඇය ඉදිරියට යාමට අපොහොසත්  වන්නේ නම් එයින් පසුව ශ්‍රී  ලංකාවේ මෙවර පැරිස් ඔලිම්පික්  තරග වැදීම නිමාවට පත්වේ.

කෙසේවූවත්  අරුණ දර්ශන  අද (6) ශ්‍රී  ලංකා වේලාවෙන් රාත්‍රී 11.05 මීටර්  400 (පිරිමි) අවසන් පූර්ව  වටයට  තරග වැදීමට සූදානම්ව සිටියේය.එයින් සමත්වවූය් නම් ඔහු අවසන් තරගයට හෙට ( 8) මෙරට වේලාවෙන් පාන්දර 12.50 ට ( ප්‍රංශ වේලාවෙන් 7 වැනිදා රාත්‍රී  9.20) අවසන් තරගයට සභභාගි වනු ඇත.


අදහස් (0)

දිල්හානි ලේකම්ගේ අද තරග බිමේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.