Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කටාර් රාජ්‍යයේදී පැවැති පළමු ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා යමානි දුලංජලී මීටර 400 කඩුලූ පැන දිවීමේ කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියේදී රන් පදක්කමක් සහ රිදී පදක්කම් තුනක් දිනා ගැනීම කැපී පෙනුණි.
තරගාවලියේ අවසන් දිනය වූ අද (11) යමානි දුලංජලී විනාඩි 1.01;27 ක කාලයක් වාර්තා කරමින් ශ‍්‍රී ලංකාවට එකම රන් පදක්කම එකතු කිරීමට සමත් වූ අතර ඇය අඹගමුව මධ්‍ය විද්‍යාලයේ ශිෂ්‍යාවකි.
රොහාන් ධම්මික අද රාත‍්‍රී සහභාගි වූ උස පැනීමේ ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ගොඩකවෙල කුලරත්න විද්‍යාලයේ ශිෂ්‍යයකු වන 17 හැවිරිදි රොහාන් මෙහිදී මීටර 2.12 ක දක්‍ෂතාවක් දැක්වීය.
දර්ශන රාජපක්‍ෂ මීටර 400 කඩුලූ පැන දිවීමේ පිරිමි ඉසව්වේ රිදී පදක්කම දිනා ගැනීමට ද සමත් විය. දර්ශන තත්පර 52.88 කින් තරගය නිම කළේය.
චමල් කුමාරගේ තුන්පිම්ම පිරිමි ඉසව්වේදී මීටර 15.39 ක් වාර්තා කරමින් මෙම තරගාවලියේ ශ‍්‍රී ලංකාවේ පළමු පදක්කම ලෙස රිදී පදක්කම දිනා ගැනීමට ඊයේ (10) සමත් විය.
ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 400 කඩුලූ පැන දිවීමේ පිරිමි ඉසව්වට සහභාගි වූ උදිත චන්ද්‍රසේන තත්පර 53.15 කින් තරගය අවසන් කරමින් සිවුවැනි ස්ථානයට පත්විය.
ආසිරි විජේසේකර මීටර 200 පිරිමි ඉසව්ව තත්පර 22.21 කින් නිම කරමින් සිවුවැනි ස්ථානයට පත්විය.
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.