Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය මීටර 800 (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව නිල වශයෙන් අනුමත කර අවසන් වූවත් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනිමේ තීරණය වෙනස් නොකරන බව එම ඉසව්වේ පැරණි වාර්තාවේ හිමිකාරිණිය වූ ධම්මිකා මැණිකේ මහත්මිය ප්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව දැන්ම හෙළි කළ නොහැකි බව ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඇය පැවසුවාය.
වාර්තා වන අන්දමට මිටර 800 (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව පිළිගැනිම පිළිබඳව විරෝධය පළ කරමින් ධම්මකා මැණිකේ මහත්මිය මේ වනවිට ක්‍රීඩා අමාත්‍යාංශයට ලිපියක් බාරදී තිබේ. ඒ අතරම ඇය මේ වනවිට ඉදිරි පියවර ගැනීම සඳහා නීතිවේදින් මුණගැසී සාකච්ඡා කර ඇතැයිද වාර්තාවේ.
එහිදි මතුකර තිබෙන තර්කය වන්නේ විද්යුත් කාලගණක යොදා ගනිමින් පිහිටුවූ ශ්‍රී ලංකා වාර්තාවක් අත් කාලගණක යන්ත්‍ර යොදා ගත් තරගාවලියකදි බිඳ දැමීම නිත්‍යානුකූලව පිළිගත හැකිද යන්න පිළිබඳවය.
ක්‍රීඩා අමාත්‍යාංශයේ උපදේශිකා, ඔලිම්පික් පදක්කම්ලාභි හිටපු සුපිරි ධාවන ශූරි සුසන්තිකා ජයසිංහ මහත්මියද නව ශ්‍රී ලංකා වාර්තාව පිළිගැනීම ගැන සිය විරෝධය පළකර තිබේ. ඒ පිළිබඳව ඇය ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර මහතා දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් ඉදිරි නීති පියවර ගැනිම සඳහා නව ශ්‍රී ලකා වාර්තාව පිහිටුවීම සම්බන්ධයෙන් වූ තරගාවලියේ ප්‍රතිඵල ලේඛන හා තීරක සටහන්හි පිටපත් ලබාගැනීමටද ධම්මිකා මැණිකේගේ නියෝජිතයන් කටයුතු කර ඇතැයි දැනගන්නට තිබේ.
යාපනය ‘දොරේ අප්පා’ පිටියේදී පැවැති 42 වැනි ජාතික මහ ක්‍රීඩා උළලේ මලල ක්‍රීඩා තරගාවලියේදි නව ශ්‍රී ලංකා වාර්තා හතරක් බිහිවුණි. එහිදී වඩාත්ම අවධානය දිනා ගත් මීටර 800 (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් විනාඩි 2 තත්ත්පර 03.05 කට පිහිටුවීමට නිමාලි ලියනආරච්චි සමත්වුවාය.
එහි ශ්‍රී ලංකා වාර්තාව එතෙක් සතුකර ගෙන සිටියේ එහි හිටපු ජාතික ශූරියක වන ධම්මිකා මැණිකේය. ඒ විනාඩි 2 තත්ත්පර 03.85 කටය. එය විසින් 1992 ස්පාඤ්ඤයේ ‘බාසිලෝනා’ ඔලිම්පික් ධාවන පථයේදි පිහිටුවුවකි.
කෙසේ වුවත් ධම්මිකා මැණිකේ මහත්මිය පවසන්නේ ‘දොරේ අප්පා’ පිටියේ තණකොළ සහිත ධාවන පථයේදි නිමාලි පිහිටුවූ නව ශ්‍රී ලංකා වාර්තාවේ නිවැරදිභාවය සම්බන්ධයෙන් ගැටළු පවතින බැවින් එය තමන්ට පිළිගත නොහැකි බවයි. එහිදි අත් කාලගණක යන්ත්‍ර යොදා කෙරෙන ගණනය කිරීම් අන්තර් ජාතික මලල ක්‍රීඩා තරග නීති රීතිවලට එකඟද යන්න පිළිබඳව පැහැදිලි කරගත යුතු බවද ධම්මිකා මැණිකේ මහත්මිය පවසන්නීය.
මෙම තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිල දත්ත සටහන්කරු හා ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති සමන් කුමාර ගුණවර්ධන මහතාගෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී ඔහු මෙසේ පැවසීය.
“මේ ගැන කතා කිරීමත් වැඩකට නැති දෙයක්”
“මලල ක්‍රීඩා සංගමය අනුමත තීරක මණ්ඩලයක් නව ශ්‍රී ලංකා වාර්තාවක් නිර්දේශ කළාට පස්සේ වෙනත් කිසිදු පාර්ශවයක උවමනාවට නව ශ්‍රී ලංකා වාර්තාවක් වෙනස් කරන්න බෑ.” යයිද සමන් කුමාර ගුණවර්ධන මහතා පැවසීය.
“මීටර් 800 සිට ඉහළට යන ධාවන ඉසව්ව සඳහා අත් කාලගණක යන්ත්‍ර යොදා ගැනීම මලල ක්‍රීඩා නව තරග නීති රීති වලට අනුකූලයි. නිමාලි ගේ නව ශ්‍රී ලංකා වාර්තාව දැන් පිළිගෙන අවසන්. මලල ක්‍රීඩා පැරණි ශ්‍රී ලංකා වාර්තා පොත නිරීක්‍ෂණය කළොත් මේ ඇතිවෙලා තිබෙන ප්‍රශ්නයට පදනමක් නෑ කියලා පැහැදිලිව අවබෝධ කර ගන්න පුළුවන්” යයිද ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.