Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ )
මෙම වසරට (2025) නියමිත 49 වැනි ජාතික මහ ක්‍රීඩා උලෙළ රත්නපුරයේදී පැවැත්වීමට ගත් තීරණය වෙනස් කරමින් එය ගාල්ල ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට දැන් තීරණයවී තිබේ.ඊට හේතුවී ඇත්තේ නවාතැන් ප්‍රශ්නයකි.
ක්‍රීඩා අමාත්‍යාංශය රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කරන වසරේ ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය වන මෙම ක්‍රීඩා උළෙල මෙතෙක් රත්නපුරයේදී පවත්වා නැත. එහෙත් 1972 දී ආරම්භ කළ ජාතික මහ ක්‍රීඩා උළෙල එක් අවස්ථාවකදී පමණක් සබරගමුව පළාත කේන්ද්‍ර කර ගනිමින්1990 දී ඇඹිළිපිටිය මහවැලි ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ.
මෙතෙක් ජාතික මහ ක්‍රීඩා උළෙලේ සත්කාරකත්වයක් රත්නපුරය දිස්ත්‍රික්කයට ලබා නොදීමත් හා ඒ පිළිබදව එම දිස්ත්‍රික්කයේ ක්‍රීඩා බලධාරින්ගෙන් දිගින් දිගටම ඉදිරිපත්වූ ඉල්ලීම් සළකා බලමින් මෙවර ක්‍රීඩා උළෙල රත්නපුරය පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යාංශය මීට ඉහතදී තීන්දුවක් ගෙන තිබුණි. එහෙත් එකවර විශාල පිරිසකට රත්නපුරය නගරයේ හා අවට නවාතැන් පහසුකම් සැළසීමේ දුෂ්කරතා නිසා එහිදී ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අදහස අත් හැර දැමීමට සිදුවූ බව ක්‍රීඩා අමාත්‍යාංශය අවධාරණය කරයි.
අදියර හතරකින් පවත්වා අවසන් කෙරෙන ජාතික මහ ක්‍රීඩා උලෙළේ අවසන් අදියර ලෙස පළාත් ක්‍රීඩා කණ්ඩායම් සහභාගිත්වයෙන් එහි මලල ක්‍රීඩා තරගාවලිය දින හතරක් පුරා පැවැත්වේ. මෙවර එය ලබන සැප්තැම්බර් අග භාගයේදී පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ.
ක්‍රීඩා උලෙළේ සමාරම්භක හා සමාප්ත උත්සව සදහාත් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හා නිලධාරීන් 3000 ක් පමණ සහභාගි වීමට නියමිතය. ජාතික මහ ක්‍රීඩා උළෙල මලල ක්‍රීඩා ඇතුළුව ක්‍රීඩා ඉසව් 32 කින් සමන්විතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.