Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නවෝද්‍යාට ලෝකඩ පදක්කමක්

නවෝද්‍යාට ලෝකඩ පදක්කමක්

ශනුක අරවින්ද - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දෙවැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් දිනය වූ ඊයේ (23දා) මීටර් 400 කඩුළු බාලක අවසන් ඉසවුවට සහභාගි වූ ගාල්ලේ මහින්ද විදුහලේ නවෝද්‍ය සංකල්ප එම ඉසවුවේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

නවෝද්‍ය සංකල්ප මෙම ඉසවුව ත 53.86 කින් අවසන් කිරීමට සමත් වූ අතර එහි  රන් පදක්කම ඉන්දුනීසියාවේ හෙලෝමෝන් එඞ්වින් (ත. 51.96) විසින් දිනා ගන්නා ලදී.

නවෝද්‍ය සංකල්ප ලෝක ශූරතා යොවුන් මලල ක්‍රීඩා තරගාවලියට සහ පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයෙකි.

මේ අතර ඊයේ මීටර 200 බාලක අවසන් තරගයට සහභාගි වූ ශා. බෙනඩික්ට් විදුහලේ සන්තුෂ් වීරසිංහ 4 වැනි ස්ථානයටත් (ත. 21.92) එහි බාලිකා ඉසවුවට  සහභාගි වූ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දීව්‍යාංජලී 8 වැනි ස්ථානයටත් (ත. 25.54) සහ හලාවත ශා. මේරි විදුහලේ චාරුක රුක්ෂාන් හෙල්ල ඉසවුවෙන් 9 වැනි ස්ථානයටත් (මීටර 58.35) පත්වූහ.

ශ්‍රී ලංකාවට පදක්කම් බලාපොරොත්තු වූ මීටර 2000 බාධක ඉසවුව ඊයේ නියෝජනය කිරීමට සුදානම්ව සිටි කුලියාපිටිය මැදිමහ විදුහලේ අශ්විකා හේරත්ට තරගාවලියේ නීතිමය ප්‍රශ්නයක් මත එම ඉසවුව සහභාගිවීමේ අවස්ථාව මගහැරී ඇත. අශ්විකාගේ නිත්‍ය තරග ඉසවුව මීටර 2000 බාධක වන නමුදු ඇය මෙම තරගාලියේදී මීටර් 3000 ඉසවුවටද සහභාගිවීම නිසා අදාළ නීතිමය ප්‍රශ්නය මතුවී ඇත.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා තරගාවලියේ  තරග කීපයක් අනුව කිසිදු ක්‍රීඩිකාවකට මීටර් 200 ඉසවුවෙන් එපිට තරග ඉසව් දෙකකට සහභාගි විය නොහැක.

මේ අතර එක් රිදී පදක්කමක් (හර්ෂ කරුණාරත්න මීටර් 800) සහ ලෝකඩ පදක්කමක් දිනූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමට 17 වැනි ස්ථානය හිමිවී ඇත. රන් පදක්කම් 16ක් දිනා චීනය ප්‍රථම ස්ථානය ද රන් පදක්කම් 6ක් දින චීන තායිපේ දෙවැනි ස්ථානයද රන් පදක්කම් දිනූ ඉන්දියාව තුන්වැනි ස්ථානයද දිනා ගන්නා ලදී.

ක්‍රීඩකයින් 9 ක් සහ ක්‍රීඩිකාවන් 3ක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් විය.


අදහස් (0)

නවෝද්‍යාට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.