Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (16) රාත්‍රී 11.05 ට මීටර් 3000 බාධක (කාන්තා) ඉසව්වේ මූලික වටයට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකා නිලානි රත්නායක විනාඩි 9 තත්පර 54.10 කට පළමු මූලික තරඟයේදී 13 වැනි ස්ථානයට පත්වූවාය.
එහිදී අවසන් තරඟයේ කිසිදු බලාපොරොත්තුවක් ඇයට ඉතිරි නොවුණු අතර මෙය ඇයගේ ඉසව්වේ හොඳම පෞද්ගලික දක්ෂතාවය දෙස බැලීමේදී වඩාත් පහළට යාමකි.
මෙහි මූලික වටයට ඉදිරිපත් වූ ක්‍රීඩිකාවන් 42 දෙනා අතරේ ඇය පසුවන්නේ 39 වැනි ස්ථානයේය. ශ්‍රී ලංකා වේලාවෙන් බ්‍රහස්පතින්දා (21) පෙරවරු 8.15 මෙහි අවසන් තරගය පැවැත්වීමට නියමිතය.
ඒ සඳහා නිර්දේශ සපිරූ ක්‍රීඩිකාවන් 15 දෙනා අතරේ රන් පදක්කම කෙරෙහි වඩාත් විශ්වාසය තැබිය හැකි වන්නේ කසකස්තාන ක්‍රීඩිකා නෝරා ජෙරිටෝය. ඇගේ මූලික වටයේ තරග හිමි කාලය විනාඩි 9 තත්ත්පර 01.54 කි.
ඇය මෙම ඉසව්වෙන් ජාත්‍යන්තර ජයග්‍රහණ ගණනාවක් මේ වනවිට අත්කර ගෙන සිටින්නීය.
ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන්ගේ ලෝක ශූරතා තරග වැදීම ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (16) පෙරවරු 7.20 ට වාර්තා විය. ඒ අනුව මූලික වට හතකින් සමන්විත වූ මෙහි අවසන් තරගය තත්පර 9.86 කට ජයගත් ඇමෙරිකාවේ ෆ්‍රෙඩ් කර්ලි ලෝකයේ අලුත්ම වේගවත්ම මිනිසා වෙමින් මීටර් 100 පිරිමි ඉසව්වේ ලෝක ශූරතා රන් පදක්කම දිනීය.
එහි රිදී හා ලෝකඩ පදක්කම් දෙකත් ඇමරිකානුවන් සතු විය. අවසන් තරගයට නිර්දේශ ලබාගත් එකම ආසියාතිකයා වූ ජපන් ක්‍රීඩක අබ්දුල් හකීම් සානි බ්‍රවුන් තත්පර 10.06 කට හත්වැනි ස්ථානය ලැබීය.
රන් පදක්කම්ලාභි ෆ්‍රෙඩ් කර්ලි ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර 100 (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම්ලාභියා ද වේ. ඒ තත්පර 9.84 ක දක්ෂතාවක් දක්වමිනි.
ලෝක ශූරතා තරගාවලියේ දී පසුබෑමට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන්ට යළි දක්ෂතා අතරට එක්වීමට ආසන්නතම තවත් අවස්ථාවක් ලැබී තිබේ. ඒ එංගලන්තයේ බර්මිංහැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර 100 (පිරිමි) ඉසව්වේ මූලික වටය සඳහා ඔහු අගෝස්තු 2 වැනිදා තරග වැදීමට නියමිතය.
මෙවර ලෝක ශූරතා තරගාවලියට සහභාගිවන සෙසු එකම ශ්‍රී ලාංකිකයා වන මීටර 800 ක්‍රීඩිකා ගයන්තිකා අබේරත්න ලබන සිකුරාදා (22) ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.40 ට තරග වැදීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.