Last Update  :  2025-01-27 20:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නෙස්ටමෝල්ට් මාර්ග ධාවන තරග ජය ඔධාරාට-තුදිහර්සිගන්ට

නෙස්ටමෝල්ට් මාර්ග ධාවන තරග ජය ඔධාරාට-තුදිහර්සිගන්ට

editorial - 2024 ඔක් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ (2024) අර්ධ මැරතන් තරගාවලියට සමගාමිව දඹුල්ලේදී නිමාව දුටු නෙස්ටමෝල්ට්  පාසල් අර්ධ මැරතන් තරගාවලියට සමගාමිව පැවැති පාසල් මාර්ග ධාවන තරග බාලිකා ඉසව්වේ ජය කෝට්ටේ  ආනන්ද  බාලිකා විදුහලේ තරුෂි ඔධාරාට හිමි වූවාය.එහි බාලක  ඉසව්වේ ජය හිමිවූයේ මාතලේ හින්දු ව්දුහලේ එස්.තුදිහර්සිගන්ටය.

මෙම  මාර්ග  ධාවන තරගාවලිය කිලෝමීටර  පහක දුරකින් සමන්විතවූ අතර ඒ සදහා  සිසු සිසුවියෝ 500 ක් පමණ සහභාගි වූහ.

එහිදී බාලක ඉසව්වේ දෙවැනි ස්ථානය කමුරාවල ජාතික  පාසලේ අයි. එච්. කේ. මධුශංක විසින්ද, තෙවැනි ස්ථානය අකුරම්බඩ මධ්‍ය  මහ ව්දුහලේ ජී.එල්.එන්. ඩී.ලියනගේ ව්සින්ද හිමි කර ගන්නා ලදී.

 වැලිමඩ වන්ගියකුඹුර ජාතික  පාසලේ තරුෂි නවෝද්‍යා  හා වලගෙදර මහ විදුහලේ යූ.ඩී.එම්.මානෙල් එහිදී  පිළිවෙළින්  බාලිකා ඉසව්වේ දෙවැනි හා තෙවැනි ස්ථාන ලැබූහ.

ජය සංකේත ප්‍රදනෝත්සවය අධ්‍යාපන  අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ ක්‍රීඩා  හා ශාරීරික  අධ්‍යාපන) ලුතිනන්  කර්නල් අනුර අබේවික්‍රම, එහි නියෝජ්‍ය  අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපාලි අමරතුංග, මධ්‍යම  පළාත් ක්‍රීඩා  සහකාර අධ්‍යක්ෂ අතුල ජයවර්ධන, මාතලේ  ජ්‍යෙෂ්ඨ  පොලිස්  අධිකාරී ලලිත් රෝහණ්, අනුග්‍රාහක නෙස්ලේ ලංකා සමාගමේ අධ්‍යක්ෂ (පානීය නිශ්පාදන) මොහොමඩ්  අලී, එහි  ජ්‍යෙෂ්ඨ කළමනාකරු සජීව වික්‍රමසිංහ, මධ්‍යම පළාත් අධ්‍යාපන නියෝජ්‍ය  අධ්‍යක්ෂ (මූල්‍ය) නිශාන්ත රණසිංහ, දඹුල්ල  නාගරික කොමසාරිස් චතුරිකා  නවරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්  සිදු කෙරුණි.


අදහස් (0)

නෙස්ටමෝල්ට් මාර්ග ධාවන තරග ජය ඔධාරාට-තුදිහර්සිගන්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.