Last Update  :  2025-03-10 14:50:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics පින්ලන්තයේදී යුපුන්ට මීටර් 60 දෙවැනි තැන

පින්ලන්තයේදී යුපුන්ට මීටර් 60 දෙවැනි තැන

editorial - 2025 පෙබ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පින්ලන්තයේ ටැම්පෙර් නුවරදී බ්‍රහස්පතින්දා (6) පැවැති මහද්වීප ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මීටර් 60 (පිරිම්) ඉසව්වේ දෙවැනි ස්ථානය ලැබීය.

 එහිදී තත්පර 6.66 ක දක්ෂතාවක් පළ කරමින් මෙම තරග වාරයේ මෙතෙක් ඔහුගේ මෙම ඉසව්වේ හොඳම වේගය වාර්තා කිරීමටද සමත් විය.මෙය ඉසව්වේ ඔහුගේ මෙතෙක් තෙවැනි හොදම දක්ෂතාවයද වේ.

 මෙහි ජය වාර්තා කළ නෙදර්ලන්තයේ එල්විස් ඇෆ්රිෆාගේ තරග නිමි කාලයත් තත්පර 6.66 ක් ලෙස යුපුන් හා සමාන අගයක් ගත්තේය.

 මීටර් 100 පිරිමි ඉසව්ව තත්පර 10 ට අඩුවෙන් (9.96) නිමා කළ දකුණු ආසියාවේ එකම ක්‍රීඩකයා බවට තව දුරටත් පත්ව සිටින 31 හැවිරිදි යුපුන් පසුගිය (2024) පැරිස් ඔලිම්පික් උළෙලට නිර්දේශ ලබා ගැනීම කෙරෙහි මහත් අපේක්ෂාවෙන් පසුවූවද ආබාධ තත්වයන්ද හේතුවෙන් අවසන් මොහොතේදී එය අත් හැර දැමීමට සිදු විය.

 කෙසේවූවත් ඉතාලියේ කල් ගෙවමින් තවදුරටත් නේවාසික පුහුණුවීම් හදාරන යුපුන් මෙම වසරේදී කොරියාවේ ගුමී නුවරදී මැයි 27 වැනිදා ආරම්භ වන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි කරමින් රන් පදක්කමක් දිනා ගැමීමට ශ්‍රී ලංකාව අපේක්ෂාවෙන් පසුවේ.

 මෙම වසරේදීම (ටෝකියෝ -සැප්තැම්බර් 13 සිට 21 වැනිදා දක්වා) පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමත් එහිදී ඔහුගේ තවත් ප්‍රධාන ඉලක්කයකි.ගිය වසරේදී ඔහු ශ්‍රී ලංකාව සහභාගි වූ ප්‍රධානතම ජාත්‍යන්තර ඉසව් ගණනාවකටම සහභාගි වීමෙන් වැළකී සිටියේය.

 


අදහස් (0)

පින්ලන්තයේදී යුපුන්ට මීටර් 60 දෙවැනි තැන

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.