Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics බස්නාහිර පළාත් මළල ක්‍රීඩා ශූරතාව ගම්පහට

බස්නාහිර පළාත් මළල ක්‍රීඩා ශූරතාව ගම්පහට

රොෂාන් ගුණරත්න - 2016 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බස්නාහිර පළාත් 2016 මළල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම් 115 ක් හිමිකරගත් ගම්පහ දිස්ත්‍රික්කය සමස්ත ශූරතාවය දිනා ගත්තේය.


මෙහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කළ (මීටර 400) කාලිංග කුමාරගේදණි දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ (උස පැනීම) රන්දි හිමාෂා කුරේද කුසලාන හිමිකර ගැනීමට සමත් වූහ.


මෙම ක්‍රීඩා උළෙල ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගනයේදී පැවති අතර තරගාවලියේ දෙවන ස්ථානය රන් පදක්කම් 90ක් හිමිකර ගත් කොළඹ දිස්ත්‍රික්කයටත්ණි තරගාවලියේ තෙවැනි ස්ථානය රන් පදක්කම් 27 ක් ලැබූ කලුතර දිස්ත්‍රික්කයටත් හිමි විය.


තරගාවලියේදී ශූරතාවය හිමි කර ගත් ගම්පහ දිස්ත්‍රික්කය රිදී පදක්කම් 106 ක් සහ ලෝකඩ පදක්කම් 70 ක් දණි අනු ශූරතාව හිමි කර ගත් කොළඹ දිස්ත්‍රික්කය රිදී පදක්කම් 78ක් සහ ලෝකඩ පදක්කම් 56 ක් දණි තෙවන ස්ථානය හිමි කර ගත් කලුතර දිස්ත්‍රික්කය රිදී පදක්කම් 29 ක් සහ ලෝකඩ පදක්කම් 20ක් ද හිමි කර ගෙන තිබුණි.


බස්නාහිර පළාත් සභා අධ්‍යාපන සංස්කෘතික හා ක්‍රීඩා අමාත්‍ය රංජිත් සෝමවංශණි පළාත් සභා මන්ත්‍රී උපුල් මහේන්ද්‍ර රාජපක්ෂණි පළාත් අධ්‍යාපන හා ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් එස්ගජීගවිජයබන්දුණි එහි අතිරේක ලේකම් හා වැඩ බලන ක්‍රීඩා අධ්‍යක්ෂ අයිගජීගඅයි රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පැවැත්විණ.


අදහස් (0)

බස්නාහිර පළාත් මළල ක්‍රීඩා ශූරතාව ගම්පහට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.