Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිටියේදී පෙරේදා (19) නිමාවට පත්වූ 48 වැනි ජාතික මහ ක්‍රීඩා තරගමාලාවේ සමස්ත ශූරතාව මෙවරත් බස්නාහිර පළාත විසින් දිනා ගන්නා ලදී. ඒ දින තුනක් පුරා එහිදී පැවති මලල ක්‍රීඩා තරගාවලිය පෙරේදා පස්වරුවේදී නිමාවට පත්වීමත් සමගය.
ඒ අනුව බස්නාහිර පළාත සුපුරුදු පරිදි මෙවරත් සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්ව සිටින අතර 1972 දී ක්‍රීඩා උළෙල ආරම්භ වීමෙන් පසුව එක් අවස්ථාවකදී හැරෙන්නට සෙසු සියලු ක්‍රීඩා උළෙල ජයග්‍රාහකයා බවට පත්ව සිටින්නේ බස්නාහිර පලාත විසිනි.
මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස මීටර් 100 ඉසව්වේ රන් පද්කම්ලාභියා වන සබරගමුව පළාතේ චාමෝද්
යෝදසිංහ තේරුණේ තත්පර 10.42 ක දක්ෂතාවක් දක්වමිනි. ආසියානු රන් පදක්කම්ලාභීන් මැදි දුර ධාවන ශූරි තරුෂි දිල්සරා කරුණාරත්න මෙවර මලල ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට සම්මාන දිනා ගත්තේ මීටර් 400
(කාන්තා) ඉසව්ව තත්පර 52.69 කට නිමා කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමෙනි.
එහිදී විශේෂ සිදුවීම වන්නේ මෙම ඉසව්වේ ආසියානු රන් පදක්කම්ලාභී නිය වන නදීෂා රාමනායක තත්පර 53.56 කට ඇයට පරාජය වීමයි.
රසාරා විජේසූරිය ඊයේ මීටර් 5000 (කාන්තා) ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටු වන අතර එහිදී සිය දෙවැනි වාර්තාව සම්පූර්ණ කිරීමට සමත් වූවාය.ඒ විනාඩි 16.තත්පර 41.00 කටය.ඒ අතර 110 - කඩුලු ඉසව්වෙන් සබරගමුව පළාතේ ආර්.ඩ්. රණතුංග තත්පර 13.99 කට ඉසව්වේ නව වාර්තාවක් පිහිටු වීමට සමත් විය. එහි දෙවනි ස්ථානයට පත් බස්නාහිර පළාතේ නදුන් කවීෂ බාණ්ඩාර තත්පර 14.06 කට පැරණී වාර්තාව අභිබවා යාමට සමත් විය.
මේ අතර ඊයේ නිමාවට පත්වූ 48 වැනි ජාතික මහ ක්‍රිඩා තරගාවලිය සමාරම්භක හා සමාප්ත උත්සව සදහා ප්‍රධාන ආරාධිතයන් වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ද එම අවස්ථා සදහා සහභාගි නොවීම කැපී පෙනුණි. ඒ අතර ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාටදද මෙවර ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ අවස්ථාව මහ හැරී ගියේ කාර්ය බහුලත්වය නිසා බව වාර්තාවෙයි.
මෙවර සුගතදාස ක්‍රීඩා පිටියේ දී දින තුනක් පුරා පැවැති මෙම මලල ක්‍රීඩා තරගාවලියේ මාධ්‍ය සම්බන්ධීකාරක නිලධාරිනිය ලෙස චතුරානි දොලේවත්ත මහත්මිය ප්‍රදාන දායකත්වය ලබා දුන්නාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.