Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ඉදිරි වසර පහක කාලයක් සදහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ නිල ඇදුම් සහකරු ලෙස අනුග්‍රහය දැක්වීමට මාස් හෝල්ඩින්ස් අනුබද්ධ ආයතනයක් වන බොඩිලයින් පෞද්ගලික ආයතනය ඉදිරිපත්ව සිටියි.
ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී මාධ්‍ය හමුවේදී ඒ පිළිබදව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය හා ගිවිසුම් ගතවීම සිදුකෙරුණි. මෙම ගිවිසුම් ගතවීමෙන් පසුව 2028 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් උළෙල දක්වා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා
කණ්ඩායම් හා ජාතික මලල ක්‍රීඩා සංචිත සදහා නිල ඇදුම් ලබාදීම බොඩිලයින් ආයතනය විසින් සිදු කරයි.එහිදී ශ්‍රී ලංකාව සහභාගි වන සියලු ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලදී මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නිල ක්‍රීඩා ඇඳුම මාස් සන්නාමය යටතේ නිපදවේ.
එම ආයතනය පවසන්නේ එහිදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වඩාත් සුවපහසු හා සැහැල්ලු ක්‍රීඩා ඇදුම් ලබාදීමේදී සිය නිපැයුම් සදහා අති නවීන තාක්ෂණය යොදා ගන්නා බවයි.
මෙම ගිවිසුම වසර 10 ක් දක්වා දීර්ඝ කිරීමේ හැකියාව පවතින බවද අනුග්‍රාහක ආයතනය පවසයි.
නිල ඇදුම් අනුග්‍රහය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූරිය වන නදීෂා දිල්හානි ල්‍රේකම්ගේට නිල ක්‍රීඩා ඇදුම ප්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති මේජර් ජනරාල් ( ව්ශ්‍රාමික) පාලිත ප්‍රනාන්දු එහි ලේකම් සමන් කුමාර ගුණවර්ධන , බොඩිලයින් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි දිනේෂ් ද සිල්වා, එහි නිෂ්පාදන පරිවර්තන නිලධාරී ඩිල්ශාන් මොහොමඩ් , ආයතනික කටයුතු - සමූහ නීති අධ්‍යක්ෂිකා රජිතා ජයසූරිය යන මහත්ම මහත්මිහුද මෙහි වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.