Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
චින ශ්‍රේණිගත කිරීම් මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගිවීම සදහා ශ‍්‍රී ලංකාවේ උස පැනීමේ ශූරයා වන මංජුල කුමාර සහ හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ ඊයේ (9) චීනය බලා පිටත්ව ගියහ.
අදියර දෙකකින් ක‍්‍රියාත්මක මෙම තරගාවලියේ පළමු අදියරේ තරග මේ මස 12 වැනිදා සිට 14 වැනිදා දක්වා ලූයෑන්ග් හිදීද, දෙවැනි අදියරේ තරග මේ මස 21 සහ 22 දෙදින ටෙයිනැන්හිදී ද පැවැත්වේ.
අගෝස්තු මස බ‍්‍රසීලයේ පැවැත්වෙන රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මංජුල කුමාර මෙම තරගාවලියට සහභාගිවේ.
දැනටමත් රියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා සිටින සුමේධ මෙම තරගාවලියට සහභාගි වන්නේ අන්තර්ජාතික තරග අත්දැකීම් ලබා ගනිමින් තම දස්කම් වැඩි දියුණු කර ගැනීමේ අපේක්ෂාවෙනි.
පසුගිිය වසරේ පැවැති ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී මීටර 83.04 ක දුරක් හෙල්ල විසි කරමින් ජාතික වාර්තාවක්ද පිහිටුවමින් සුමේධ, ඔලිම්පික් වරම් හිමිකර ගත්තේය.
දකුණු ආසියාවේ උස පැනීමේ ශූරයා වන මංජුල 2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලටද සහභාගි විය. කටාර් රාජ්‍යයේ මෙම වසරේ පැවැති ආසියානු ගෘහස්ථ ක‍්‍රීඩා උළෙලේ උස පැනීමේ ඉසව්වෙන් මංජුල, ලෝකඩ පදක්කම දිනාගත්තේ මීටර 2.24 ක උසක් පනිමිනි.
උස පැනීමේදී මීටර 2.27 ක දස්කමක් දක්වා සිටින මංජුලට මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සුදුසුකම් ලැබීමට නම් මීටර 2.29 ක පරිසාධන මට්ටම ඉක්මවාලමින් දස්කම් දැක්විය යුතුය. ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලි දෙකකට සහභාගිවී උස පැනීම ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට ද මංජුල සමත්ව ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.