Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර තත්ත්වයේ මලල ක්‍රිඩා ධාවන පථයක් නොමැති බැවින් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවීම් සඳහා බෲනායි වෙත යැවීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ 2012 වසරේදී ඇතිරූ ධාවන පථය වසර දෙකකින් විනාශවීම නිසා මෙවැනි ගැටලුවක් මතු වී තිබෙන බව ද ඇමතිවරයා පැවසීය.
එම ධාවන පථය ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව නැවත සැකසීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. කාලයක් පවතින උසස් තත්ත්වයේ ධාවන පථයක් නිර්මාණය කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම තමන් ගන්නා බව ද ඇමතිවරයා කීවේය.
සුගතදාස ක්‍රීඩාංගණය සඳහා සූර්යබල විදුලි උත්පාදක පද්ධතියක් සවි කිරීම ඇතුළු එහි විදුලි පද්ධති අලුත් වැඩියා කිරීම සඳහාද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇතැයිද අමාත්‍යවරයා කීවේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.