Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙම 30 වැනිදා කොළඹ ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මහ සභාව සහ නිලවරණය අධිකරණයට ගොනුකර ඇති පැමිණිල්ලක් හේතුවෙන් කල්දැමීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
මෙවර නිලවරණයේදී තනතුරු අපේක්ෂකයින්ට බලවත් අසාධාරණයක් සිදුවී ඇතැයි සඳහන් කරමින් මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වීමට එරෙහිව වාරණ නියෝගයක් පනවන ලෙස ඉල්ලා ජාතික මට්ටමේ හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු ඉකුත් සිකුරාදා (26දා) අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙවර මලල ක්‍රීඩා නිලවරණයට නාමයෝජනා ඉදිරිපත් කර ඇති අපේක්ෂකයින්ට ක්‍රීඩා පනතට අනුව තිබිය යුතු සුදුසුකම් සම්බන්ධයෙන් මලල ක්‍රීඩා නිලවරණ මණ්ඩලයට යොමුකොට ඇති විරෝධතා සැලකිල්ලට නොගැනීම හේතුවෙන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
මෙම තත්ත්වය යටතේ මලල ක්‍රීඩා නිලවරණය පැවැත්වීම සම්බන්ධව ව්‍යාකූල තත්වයක් හටගෙන ඇතැයි දැනගන්නට ඇත. පෙත්සම්කරුවන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල සම්බන්ධව මෙම 29 වැනිදා (සඳුදා) අධිකරණයේ තීරණය ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවද දැනගන්නට තිබේ.
යම් අයුරකින් මලල ක්‍රීඩා නිලවරණය සඳහා අධිකරණය මගින් වාරණ නියෝගයක් පැනවුවහොත් ඉදිරියේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි දෙකකට (ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය සහ ලෝක ශූරතා ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය) ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී කිරීමේ අවස්ථාවද මගහැරී යනු ඇතැයි තතුදත් ආරංචි මාර්ග හෙළිකරයි.
නිලවරණයට එරෙහිව වාරණ නියෝගයක් ප්‍රකාශයට පත්කළ හොත් මලල ක්‍රීඩාවේ ඉදිරිපරිපාලන කටයුතු ගෙනයාම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයට අතුරු පාලන කමිටුවක් පත්කිරීමට සිදුවන අතර එහි වලංගුභාවය සම්බන්ධව ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනයට තීන්දුවක් ගැනීමට සිදුවනු ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.