Last Update  :  2025-04-26 13:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩාවේ ‘ලකී‘ ලකුණ එළි දකී

මලල ක්‍රීඩාවේ ‘ලකී‘ ලකුණ එළි දකී

editorial - 2025 අප්‍රේ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවේ විසූ විශිෂ්ඨතම මලල ක්‍රීඩකයෙක්, පුහුණුකරුවෙක් මෙන්ම  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩා පරිපාලකයෙකු වූ, හිටපු ජාතික මලලක්‍රීඩා පුහුණුකරු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු සහකාර ක්‍රීඩා අධ්‍යක්ෂ දිවංගත ඒ. ලක්ෂ්මන් ද අල්විස් මහතාගේ ජීවන චරිතය ඇතුළත් 'මලල ක්‍රීඩාවේ ලකී ලකුණ' ග්‍රන්ථය පසුගියදා ජාතික ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී එළිදක්වනු ලැබිණ. 

දශක කිහිපයක්ම ඔහු සමග සමීපව කටයුතු කළ ප්‍රවීන ක්‍රීඩා ග්‍රන්ථ සම්පාදකවරයෙකු හා ක්‍රීඩා විචාරකයෙකු වන ලලිත් ගුණවර්ධන සහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුන් විසින් සම්පාදනය කරන ලද මෙම ග්‍රන්ථයේ ලක්ෂ්මන් ද අල්විස් මහතාගේ දුර්ලභ ඡායාරූප එකතුවක් සහ ඒ මහතා සම්බන්ධ ශ්‍රී ලාංකීය ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයේ මෙතෙක් අනාවරණය නොවූ වැදගත් කරුණු රාශියක් ඇතුළත් කර ඇත. 

අල්විස් මහතා වසර 2008 අප්‍රේල් 6 වැනිදා වැළිවේරියේදී පැවැති මැරතන් තරගයක සංවිධාන කටයුතු සදහා සහභාගි වෙමින් සිටියදී එම ස්ථානයට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වන විට 55 වැනි වියේ පසුවිය. 


අදහස් (0)

මලල ක්‍රීඩාවේ ‘ලකී‘ ලකුණ එළි දකී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.