Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායමක් ඉදිරිපත් කරවීම අනාගත මලල කී‍්‍රඩාවට හොඳ ප‍්‍රවණතාවක් වනු ඇතැයි එම තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ශාන්ත බණ්ඩාර මහතා පවසයි. එමෙන්ම තේරීම් තරගවල දී ඔවුන් දක්ෂතා දැක්වූ බවත් එනිසා පදක්කම් බලාපොරොත්තු විය හැකි බවත් ඒ මහතා පැවසීය.
ආසියානු මලල කී‍්‍රඩා සංගමයේ පූර්ණ අධීක්ෂණය යටතේ පවැත්වෙන වයස 18ක් පහළ ආසියානු යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව කෙරුණු විමසුමකදී හෙතෙම මෙම අදහස් දැක්වීය. ශාන්ත බණ්ඩාර මහතා මෙම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කරයි.
තව දුරටත් අදහස් දැක්වූ ශාන්ත බණ්ඩාර මහතා,
''තේරීම් තරග වලදි දරුවෝ දැක්වූ දක්ෂතා ගොඩාක් ඉහළයි. එම දක්ෂතාත් එක්ක ඔවුන් මෙම තරගාවලිය නියෝජනය කිරීම අනාගත මලල කී‍්‍රඩාවට හොඳ ප‍්‍රවණතාවක් වෙයි.
මෙම තරගාවලියට මීටර 400 සහාය දිවීමේ කණ්ඩායමක් ඉදිරිපත් කරන්නත් අදහසක් තිබුණා. නමුත් ආසියානු යොවුන් මලල කී‍්‍රඩා ශූරතාවලිය පළමුවරට පැවැත්වෙන නිසා අපට ඉලක්කයක් හදාගන්න බෑ කුමන කී‍්‍රඩා ඉසව් වලින්ද කණ්ඩායම් ඉදිරිපත් කරන්නේ කියලා. එමනිසා තේරීම් කමිටුව තීරණය කරල තියෙනවා කණ්ඩායම් තරගවලට ඉදිරිපත් නොකර කේවල තරග වලට ඉදිරිපත් කරන්න.” යැයි පවසා සිටියේය.
ශූරතාවලිය මේ මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා දෝහා කටාර් හිදී පැවැත්වේ. උස පැනීම, තුන් පිම්ම, හා කඩුලූ මතින් පැන දිවීමේ ඉසව් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් තරගාවලියට සහභාගී වෙයි. ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ් රොෂාන් ධම්මිකට එහි නායකත්වය හිමිව ඇත.
සංචාරයට එක්වන කණ්ඩායම
බාලක
ආර්. ආර්. ධම්මික රණතුංග - කුලරත්න ම.ම.වි. - ගොඩකවෙල (උස පැනීම)
එල්. ඩබ්. චමල් කුමාරසිරි - ඞී. එස්. සේනානායක ම.ම.වි. - මීරිගම (තුන් පිම්ම)
යූ. බී. ඞී. එම්. එස්. රාජපක්ෂ - ශා. සිල්වෙස්තර විදුහල - මහනුවර (මී.400 - කඩුලූ මතින් පැන දිවීම)
උදිත චන්ද්‍රසේකර - මාරිස්ටෙලා විදුහල - මීගමුව (මී.400 - කඩුලූ මතින් පැන දිවීම)
ආසිරි විජේසේකර - ගේට්වේ ජාත්‍යන්තර පාසල (මී.200)
උෂාන් තිවංක - මාරිස්ටෙලා විදුහල - මීගමුව (උස පැනීම)
බාලිකා
ඞී. එම්. යමානි දුලංජලී - අඹගමුව ම.ම.වි. - උඩබුලත්ගම - (මී.400 - කඩුලූ මතින් පැන දිවීම)
නිලධාරීන්
අනුර බණ්ඩාර - අඹගමුව ම.ම.වි. - උඩබුලත්ගම (කළමනාකරු හා පුහුණුකරු)
ඊ. පී. ටිරෝන් ඉන්දික ගමගේ (පුහුණුකරු)
ජයමිණි සංජීව වීරකෝන් (පුහුණුකරු)
එම්. අනූෂා දිල්රුක්ෂි පෙරේරා - ඞී. එස්. සේනානායක ම.ම.වි. - මීරිගම (කී‍්‍රඩිකාවන් භාර ආචාර්ය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.