Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත්

මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත්

දිලිනි මල්රුක්ෂි - 2015 මැයි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් රන් පදක්කම් දිනාගත් මලල කී‍්‍රඩකයකු වන සුගත් තිලකරත්න මහතා ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති තනතුර සඳහා තේරී පත්විය. ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලවරණය අද (14දා) ක‍්‍රීඩා විද්‍යාතනයේදී පැවැත්විණි.

මෙම නිලවරණයේදී සුගත් තිලකරත්න මහතා ඡන්ද 83 ක් ලබාගත් අතර ඔහුගේ ප‍්‍රතිවාදියා වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති උපාලි කුමාරසිරි මහතා ඡන්ද 24 ක් ලබාගත්තේය.

උපසභාපති වරුන් ලෙස කර්නල් මංජුල පෙරේරා, සේනානි බෝගහවත්ත, කපිතන් චන්දන බෝපෙගොඩ, ලාල් චන්ද්‍රකුමාර, එස්. විජේයිනීදන්, එස්. ජෙගනාදන් යන මහත්වරු සහ අයිරාංගනී රූපසිංහ මහත්මිය තේරීපත්වූහ.

මලල ක‍්‍රීඩා සංගමයේ ලේකම් ලෙස සුනිමල් රූපසිංහ මහතා තේරීපත්විය. අතිරේක ලේකම්වරයා ලෙස ඞී. එම්. එන්. නයනානන්ද මහතා තේරීපත්විය.

භාණ්ඩාගාරික ලෙස ටොර්නාඩෝ ජයසුන්දර මහතා නිතරගයෙන් පත්විය.


අදහස් (0)

මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.