Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන්, ක්‍රීඩා නිලධාරීන් මෙන්ම විනිසුරුවන්ද රැසක් බිහිකළ දිවයිනේ පැරණිතම ක්‍රීඩා උළෙලක් ලෙස මහවැලි ක්‍රීඩා උළෙල හැඳින්විය හැකිය.
මහවැලි කළාප වල ජීවත්වන ජනපදිකයන්ගේ දක්ෂතාවන් ජාතික මට්ටමටත්, ජාත්‍යන්තර මට්ටමටත් රැගෙන යෑමේ අරමුණින් මීට වසර 31 කට පෙර එනම් 1986 වසරේදී මෙම තරගාවලිය ආරම්භ කර තිබේ.
කළාප 7 කින් ආරම්භ වූ මහවැලි ක්‍රීඩා උළෙල මේ වන විට කළාප 10 ක් දක්වා ව්‍යාප්ත වී ඇති අතර මේ දක්වා ගල්නෑව, බකමූණ, ඇඹිලිපිටිය, වැලිකන්ද, පොළොන්නරුව ගල්ලෑල්ල, දෙහිඅත්තකණ්ඩිය, වැලිඔය සහ ගිරාදුරුකෝට්ටේ යන ක්‍රීඩාංගණවලදී මෙම ක්‍රීඩා උළෙල පවත්වා තිබේ.
පොළොන්නරුව ගල්ලෑල්ල මහවැලි ක්‍රීඩාංගණයේදී මෙම වසරේ තරගාවලිය පැවැත්වේ.
පළමුවෙන් ඒකක මට්ටමින්ද, අනතුරුව කොට්ටාස මට්ටමින්ද, තරග පවත්වා එහිදී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කළාප මට්ටමේ තරග වලට යොමු කෙරෙන අතර ඒ අතරින් විශේෂත දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගෙන සංචිතගත කිරීම මෙම ක්‍රීඩා උළෙලේදී සිදුවේ. පසුව එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනත් ජාතික මට්ටමේ තරගාවලි වලට යොමු කෙරන අතර ඒ මගින් ඔවුන්ට සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීමටත්, ජාතික මට්ටමින් ඔබ්බට ගොස් ජාත්‍යන්තර ජයග්‍රහණ අත්කරගැනීමටත් අවස්ථාව සකසා දීමට මහවැලි අධිකාරිය කටයුතු කරයි.
එදා මෙදා තුර ඉතිහාසයේදී මහවැලි කෙළිබිමෙන් බිහිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ශ්‍රී ලංකාවේ නාමය ජාත්‍යන්තරයේ ඉහළින්ම රැඳවීමට සමත් වූ ක්‍රීඩිකාව ලෙස ශ්‍රියානි කුලවංශ හැදින්විය හැකිය. මීටර් 100 කඩුලු පැන දිවීම ඉසව්වෙන් තෙවරක්ම (1992, 1996 සහ 2000) ඔලිම්පික් ක්‍රීඩා උළෙලට ගිය කුලවංශ, කලක් එම ඉසව්වේ ආසියානු වාර්තාවටද හිමිකම් කීවාය. මහවැලි ‘එච්’ කළාපයේ ක්‍රීඩිකාවක් වන කුලවංශ, කඩුලු පැන දිවීමට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර 100×4 සහාය දිවීමේ ඉසව්වෙන්ද ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් අතකර ගෙන තිබේ.
කුලවංශට අමතරව මහවැලි ක්‍රීඩා උළෙලෙන් බිහිවී ඔලිම්පික් තරගාවලියකට සහභාගි වූ එකම ක්‍රීඩකයා ලෙස වික්ටෝරියා කළාපයේ සුමේධ රණසිංහ හැදින්විය හැකිය. ඔහු හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් 2016 වසරේ පැවැති රියෝ ඔලිම්පික් තරගාවලයට සහභාගි විය.
ඔවුන් දෙදෙනාට අමතරව මහවැලි ‘බී’ කලාපයේ සොනාලි වීරසේකර (යගුලිය විසිකිරීම), ‘සී’ කළාපයේ ලලනි ප්‍රියංගිකා (දැල් පන්දු), අශේන් දිල්ෂාන්, ටී. බී. සඳරේණු, එස්. ජේ. අත්තනායක (කබඩි), වලව කළාපයේ ඉනෝකා වීරසිංහ (කබඩි), ගයන්තිකා තුෂාරි (මීටර් 400 සහ 800), වික්ටෝරියා කළාපයේ ඩී. කේ. ඉන්දික, ශ්‍රියන්ත ගුණවර්ධන (කෝ-කෝ) සහ ‘එච්’ කළාපයේ යූ. ඩී. ශ්‍රියාලතා (පාපැදි) වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ආසියාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ඇත.
තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙම මහවැලි ක්‍රීඩා උළෙලෙන් බිහිවී දකුණු ආසියාතික මට්ටමේ ජයග්‍රහණ අත්කර ගනිමින්, ආසියාතික මට්ටම දක්වා ගොස් තිබුණ අතර ඔවුන්ගේ දස්කම් ආසියානු මට්ටමේ නතර විය.
මහවැලි කළාප වලින් බිහිවී පසු කළෙක කොළඹ ප්‍රධාන පෙලේ පාසල් වලට හෝ, ත්‍රිවිධ හමුදා වලට හෝ, විවිධ ක්‍රීඩා සමාජය වලට ඇතුළත් වී ජාත්‍යන්තරය ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද රැසක් සිටින බව සඳහන් කළ යුතුය. එම නිසා මහවැලි ක්‍රීඩා උළෙල තුලින් බිහිවී ජාත්‍යන්තර මට්ටමට ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ 100% ක් නිවැරදි සංගණනයක් කිරීම අපහසු කටයුත්තකි.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ ක්‍රීඩා නිලධාරීන්ගේත්, පුහුණුකරුවන්ගේ මෙන්ම විනිසුරුවන්ගේද ආරම්භය සනිටුහන් වී ඇත්තේ මෙම මහවැලි ක්‍රීඩා උළෙලිනි. ඒ තුළින් සිය ගමන් මග අරඹා පසු කළෙක තමා නිරත වූ ක්‍රීඩාව සම්බන්ධයෙන් වැඩිදුර හදාරා ඉන් ලැබූ පන්නරයත් සමග ක්‍රීඩා නිලධාරීන්, පුහුණුකරුවන් මෙන්ම විනිසුරුවන් ලෙස කටුයතු කරන අයද කොතෙකුත් සිටිති.
මහවැලි අධිකාරියට අයත් ගල්නෑව, බකමූණ, ඇඹිලිපිටිය, වැලිකන්ද, දෙහිඅත්තකණ්ඩිය, වැලිඔය සහ ගිරාදුරුකෝට්ටේ යන ක්‍රීඩාංගණ තරග පැවැත්වීමට මෙන්ම කළාප මට්ටමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීම් කටයුතු කරගෙන යෑම සඳහාද වසර පුරා විවෘතව පවතී.
සෑම වසරකදීම පාහේ මහවැලි ක්‍රීඩා උළෙලට සමගාමීව එම ක්‍රීඩාංගණ අලුත්වැඩියා කිරීමටත්, ඒවායේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් මහවැලි අධිකාරිය කටුයතු කරන බව මහවැලි කේණ්ද්‍රයේ අධ්‍යක්ෂ අරුණ ප්‍රසාද් ලේකම්ගේ මහතා පැවසීය. එම ක්‍රීඩාංගණ වලට අමතරව පොලොන්නරුවේ මැදිරිගිරිය ක්‍රීඩාංගණයද මේ වන විට ඉදිකෙරෙමින් පවතින බවත්, බොහෝ දුරට ලබන වසරේ සිට එහිද තරග පැවැත්වීමට හැකි වනු ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
මෙතෙක් මහවැලි ක්‍රීඩා උළෙලට ඇතුළත් නොවූ ක්‍රීඩාවක් වන පිහිනුම් ක්‍රීඩාවද ඉදිරියේදී ඊට ඇතුළත් කරගැනීමට මහවැලි අධිකාරිය බලාපොරොත්තු වන අතර ඒ සඳහා අවශ්‍ය පිහිනුම් තටාකයක්ද මේ වන විට දෙහිඅත්තකණ්ඩිය ක්‍රීඩාංගණයේ ඉදිකර තිබේ. ඒ අනුව බොහෝ දුරට ලබන වසරේ සිට පිහිනුම් ක්‍රීඩාවද මහවැලි ක්‍රීඩා උළෙලට ඇතුළත් කරගත හැකිවනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.
මහවැලි කලාප වලින් බිහිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අනන්‍යතාවයක් ලබා දීමේ අරමුණෙන් ඉදිරියේදී ක්‍රීඩා සංගමයක් පිහිටුවීමටද මහවැලි අධිකාරිය බලාපොරොත්තුවෙන් සිටියි. ඊට හේතු වී ඇත්තේ මහවැලි ක්‍රීඩා උළෙල මගින් ඉදිරියට එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට පැමිණීමෙන් පසු ඔවුන්ට නිසි ආකාරයක අනන්‍යතාවයක් නොමැති වීම නිසා ඔවුන් විවිධ ක්‍රීඩා සමාජ නියෝජනය කිරීමට පෙලඹීමයි.
එම නිසා ඉදිරියෙදී ක්‍රීඩා සංගමයක් ස්ථාපිත කරවා එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් නීතිමය රාමුවක් ලබාදීමටත්, මහවැලි ක්‍රීඩා උළෙල තුළින් බිහිවන සෑම ක්‍රීඩක ක්‍රීඩිකාවක්ම එම ක්‍රීඩා සංගමයට ඇතුළත් කර ගැනීමටත් මහවැලි අධිකාරිය කටයුතු කරන බව මහවැලි කේණ්ද්‍රයේ සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) ශ්‍රියානි මල්ලිකා හපුතන්ත්‍රී මහත්මිය පැවසුවාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.