Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශී‍්‍ර ලංකා යුද හමුදාව සංවිධානය කරන අන්තර් රෙජිමේන්තු මාර්ග ධාවන තරගයේ 50 වැනි අදියර මේ මස 26 වැනිදා (ඉරිදා) පෙරවරු 6.00 පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට රණවිරු ස්මාරකය අසළින් ආරම්භ වේ.
මෙම තරගය සඳහා යුද හමුදා රෙජිමේන්තු 24 ක් නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතය.
පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට තිබෙන රණවිරු ස්මාරකය අසළින් ආරම්භ වන තරගය, පාර්ලිමේන්තු පාර ඔස්සේ දියත උයන දෙසට ගමන්කර, බොරැල්ල පාර සහ කෝට්ටේ පාර ඔස්සේ ගමන්කර, සිරිකොත මන්දිරය අසළින් වමට හැරී කෝට්ටේ තලවතුගොඩ පාර ඔස්සේ තලවතුගොඩ දෙසට ගමන්කර, නව පාර්ලිමේන්තුව පාර ඔස්සේ පාර්ලිමේන්තු පාලම අසළින් වමට හැරී, නැවත රණවිරු ස්මාරකය අසළට පැමිණීමෙන් අවසන් වේ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.