Last Update  :  2024-11-22 18:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මාරිස්ටෙලා - ලයිසියම් ශූරතා දිනති

මාරිස්ටෙලා - ලයිසියම් ශූරතා දිනති

editorial - 2024 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී  නිමාව දුටු ශ්‍රී  ලංකා පාසල්  සහය දිවීමේ මලල  ක්‍රීඩා තරගාවලියේ සමස්ත බාලක ශූරතාව මීගමුව  මාරිස්ටෙලා  විදුහල විසින්ද බාලිකා ශූරතාව වත්තල  ලයිසියම්  ජාත්‍යන්තර  පාසල විසින්ද දිනා ගන්නා ලදී.

වයස් කාන්ඩ පහකින්  බාලක හා බාලිකා සහය දිවීමේ ඉසව් මෙම  තරගාවලියට  ඇතුළත් වූ අතර මෙවර දෙවැනි වරටත් එය සංවිධානය  වීමේදී මාරිස්ටෙලා  විදුහල මංගල තරගාවලියේදී හිමි කර ගත් සහය දිවීමේ සමස්ත  බාලක ශූරතාව මෙවරත් රැක ගැනීමට සමත්වීම කැපී පෙනේ.

එසේවුවත් වලල ඒ රත්නායක මධ්‍ය මහ විදුහල 2023 මංගල තරගාවලියේදී  ලද සමස්ත බාලිකා ශූරතාව මෙවර වත්තල ලයිසියම්  ජාත්‍යන්තර  පාසල විසින්  අත් කර ගැනීමෙන් ඔවුන්ට එහි අනුශූරතාවයෙන් සෑහිමට පත්වීමට සිදු වූහ.

පාසල් 600 කින් සිසු සිසුවියෝ 6000 දෙනෙකු  පමණ මෙවර තරගාවලියට  සහභාගිවූ බව තරග  සංවිධායකයෝ  පවසති.

ශ්‍රී  ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සී. බී.එල්. ෆුඩ්ස්  ඉන්ටර්නැෂනල්  ආයතනයේ  රිට්ස්බරි  චොකලට්  සන්නාමය  යටතේ මෙවර තරගාවලියටත් අනුග්‍රහය  දැක්වීය.ජය සංකේත ප්‍රාදානෝත්සවයේදී පැරිස් ඔලිම්පික් නිර්දේශ ලබා සිටින ශ්‍රී  ලංකා මලල ක්‍රීඩිකාවන් දෙදෙනකු වන තරුෂි කරුණාරත්න හා නදීෂා දිල්හානි ලේකම්ගේට මුදල් ප්‍රදානයන් සිදු කිරීමත් එහිදී  සිදු විය..

සමස්ත ශූරතා කාන්ඩයේ  ප්‍රතිපල
(බාලක)
*ශූරතාව - : මීගමුව  මාරිස්ටෙලා  විදුහල  (87)
* අනුශූරතාව  - : වෙන්නප්පුව ජෝශප්  වාස් විදුහල  (81)
* තෙවැනි ස්ථානය - : කොටහේන  ශාන්ත බෙනඩික්ට් විදුහල ( 80)


(බාලිකා)
*ශූරතාව - : වත්තල ලයිසියම්  ජාත්‍යන්තර  පාසල (120)
*අනුශූරතාව  - : වලල ඒ රත්නායක  මධ්‍ය මහ විදුහල (94)
*තෙවැනි ස්ථානය - : ගම්පහ  සිරි කුරුස විදුහල (49)

 
සමස්ත සහාය  දිවීමේ පාසල් බාලක ශූරතාව දිනා ගත් මීගමුව මාරිස්ටෙලා විදුහල් මලල ක්‍රීඩා කණ්ඩායම 
 
 
සමස්ත සහාය දිවීමේ පාසල් බාලිකා  ශූරතාව දිනා ගත් වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා කණ්ඩායම

අදහස් (0)

මාරිස්ටෙලා - ලයිසියම් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.