Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් ක්‍රීඩකයන්ගේ ජාතික සංචිතයක්

මැරතන් ක්‍රීඩකයන්ගේ ජාතික සංචිතයක්

සංජය එරමුදුගොඩ - 2017 ජුනි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික මට්ටමේ මැරතන් සංචිතයක් ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය  තීරණය කර ඇත. ලබන ජුලි 1 දා මහියංගනයේදී පැවැත්වීමට නියමිත 43 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේ (පිරිමි හා කාන්තා) දක්ෂතා ආශ්‍රිතව මෙම මැරතන් පුහුණු සංචිතය පිහිටුවීමට නියමිතය.

ක්‍රීඩකයන් 10 දෙනෙකු හා ක්‍රීඩිකාවන් 10 දෙනෙකු පළමුව  ජාතික මැරතන් සංචිතයට ඇතුළත් කර ගැනෙන අතර  පසුකාලීනව එහි සාමාජිකයන් වැඩි කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු  සභාපතිවරයෙකු වූ අභාවප්‍රාප්ත ලලිත් ඇතුළත්මුදලි  මහතාගේ යෝජනාවක් අනුව මීට වසර 20 කට පෙර ජාතික මැරතන් පුහුණු  සංචිතයක් ක්‍රියාත්මක විය. එහෙත් පසුකාලීනව එය අඩපණ විය. 2018 වසරේ පැවැත්වීමට නියමිත  ජාත්‍යන්තර මැරතන් තරග සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොමු කිරීම යෝජිත ජාතික මැරතන් පුහුණු සංචිතය පිහිටුවීමේ අරමුණ වෙයි.

ජූලි 1 දා පැවැත්වීමට නියමිත  ජාතික ක්‍රීඩා  මැරතන් තරගය විවෘත තරගයක් ලෙස පැවැත්වීමට ද ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර  තිබේ. මීට පෙර  ජාතික මැරතන්  තරගය පළාත් මට්ටමින් සුදුසකම්  ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක්  සීමා වී තිබුණි. කෙසේ වෙතත් මැරතන් තරගයේ ජය සංකේත පිරිනමනු ලබන්නේ  පළාත් මට්ටමින් මැරතන් තරගය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පමණක් බව  ක්‍රීඩා  අමාත්‍යංශය පවසයි.

 


අදහස් (0)

මැරතන් ක්‍රීඩකයන්ගේ ජාතික සංචිතයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.