Last Update  :  2025-04-18 17:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර් 800 ඔලිම්පික් ශූරිය ඒතින්

මීටර් 800 ඔලිම්පික් ශූරිය ඒතින්

editorial - 2021 අගෝ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ මීටර් 800 (කාන්තා) රන් පදක්කම දිනා ගැනීමට ඇමරිකාවේ ඒතින් මූ අද (3 වැනිදා) සමත් වූවාය. එම ඉසව්වේ අවසන් මහ තරගය විනාඩි‍‍ 1:55.21 ක කාලයකින් නිමා කරමින් ඇය රන් පදක්කමට හිමිකම් කීවාය.

තවමත් 19 වැනි වියේ පසුවන ඒතින්, එහිදී වාර්තා කළ කාලය ඇය මීටර් 800 ඉසව්වකදී වාර්තා කළ හොඳම කාලය මෙන්ම නව ඇමරිකානු වාර්තාවක් ලෙසද සටහන් විය.

කෙසේ වුවත් එම ඉසව්වේ ඔලිම්පික් වාර්තාව බිඳ දැමීමට ඇයට නොහැකි වූ අතර 1980 වසරේදී සෝවියට් රුසියාවේ නඩෙස්ඩා ඔලිසරෙන්කෝ විනාඩි 1:53.43 ක කාලයක් වාර්තා කරමින් එම වාර්තාව පිහිටුවා තිබිණ.

ඒතින්ට වඩා තත්ත්පර 0.67 ක් පසුපසින් තරගය නිමා කළ බ්‍රිතාන්‍යයේ කීලි හොඩ්කින්සන් (විනාඩි 1:55.88) එම ඉසව්වේ රිදී පදක්කම හිමිකරගත් අතර ඇමරිකාවේ රේවියන් රොජර්ස් (විනාඩි 1:56.81) එහි ලෝකඩ පදක්කමට හිමිකම් කීවේ ඒතින්ට වඩා තත්ත්පර 1.60 පසුපසින් තරගය නිමා කරමිනි.

 

-036

 


අදහස් (0)

මීටර් 800 ඔලිම්පික් ශූරිය ඒතින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.