Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යෙෂ්ඨ මලලකී‍්‍රඩා තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ නව වාර්තා පහක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. එහිදී නව වාර්තා දෙකක් මූලික හා අවසන් පූර්ව වටවලදී වාර්තාවිය.
තරගාවලිය අදත් හෙටත් (7-8) සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ. වර්ෂාව මැද ඊයේ තරග පැවැත්වුණද, පැරණි වාර්තා පහක් බිඳවැටීම විශේෂ සිද්ධියක් බව ශ්‍රී ලංකා පාසල් මලලකී‍්‍රඩා සංගමයේ ලේකම් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු මහතා පැවසීය. තරගාවලියේ ජයසංකේත ප‍්‍රදානෝත්සවය අනිද්දා පස්වරු 3 ට පැවැත්වේ.
තරගාවලියේ ඊයේ (6) දිනයේ පිහිටුවන ලද නව තරග වාර්තා
උස පැනීම (වයස 20 න් පහළ බාලක)
ඞී. කරුණාරත්න (රාජකීය විදුහල - මීටර 2.16)
මීටර 200 (වයස 18 න් පහළ බාලක)
සුමිත් ලක්මාල් (රත්නපුර සීවලී විදුහල - තත්ත්පර 22.19)
දුර පැනීම (වයස 18 න් පහළ බාලක)
බිනුර ලක්මාල් (මීගමුව මාරිස්ටෙලා විදුහල - මීටර 7.15)
කවපෙත්ත විසිකිරීම (20 න් පහළ බාලිකා)
අමන්දි සිල්වා (කොළඹ ශාන්ත බි‍්‍රජට් කන්‍යාරාමය - මීටර 42.86)
මීටර 110 කඩුලූ (20 න් පහළ බාලක)
සුපුන් විරාජ් රන්දෙණිය (මීටර 14.04)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.