Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 17 වැනි යුද හමුදා පැරා (ආබාධිත කී‍්‍රඩකයන් සඳහා) කී‍්‍රඩා උළෙලේ සමාරම්භක උත්සවය නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (20 වැනිදා) ආරම්භ විය.
යුද හමුදා පැරා කී‍්‍රඩා මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා විසින් ප‍්‍රධාන ආරාධිත අමුත්තා සහ එම අවස්ථාවට සහභාගීවූ මාලදිවයින් ජාතික ආරක්ෂක බලකා ප‍්‍රධානී, මේජර් ජෙනරාල් අහමඞ් ෂියාම් මහතා පිළිගන්නා ලදී. තිස් වසරක ත‍්‍රස්තවාදය මෙරටින් මුලිනුපුටා දැමුණු යුද්ධයේදී ආබාධිත තත්ත්වයන්ට පත්වූ යුද හමුදා රණවිරුවන්ගේ කී‍්‍රඩා කුසළතා උරගා බැලෙන මෙම පැරා කී‍්‍රඩා උළෙල විවිධ තරග ඉසව් 21 කින් සමන්විත වේ.
මේ වසරේ පැවැත්වෙන පැරා කී‍්‍රඩා උළෙල සඳහා ප‍්‍රථම වරට ඉන්දියාව, පාකිස්ථානය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව සහ වියට්නාමය යන රටවල කී‍්‍රඩකයන් රැසක් සහභාගීවීමද විශේෂත්වයකි.
දින තුනක් පුරා පැවැත්වෙන මෙම කී‍්‍රඩා උළෙලේ සමාප්ති උත්සවය රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යශයේ ලේකම්තුමාගේ ප‍්‍රධානත්වයෙන් හෙට (22 වැනිදා) පැවැත්වීමට නියමිතය.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.