Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන්ට කොන්දේසියක්

යුපුන්ට කොන්දේසියක්

editorial - 2024 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

කොළඹ  සුගතදාස  පිටියේදී  ඊයේ (30) පැවැති විශේෂ මලල ක්‍රීඩා තේරීම්   තරගාවලියට සහභාගි නොවූ මීටර්  100 ශූර යුපුන් අබේකෝන්ට සුදුසුකම් නොලත් ලේඛනයෙන් (වයිල්ඩ් කාඩ්)  පැරිස්  ඔලිම්පික්  නිර්දේශය ලබා ගැනීමට අවස්ථාවක් සැළසුණොත් එහිදී කොන්දේසියක් පැනවීමට ශ්‍රී ලංකා  මලල  ක්‍රීඩා  ආයතනය තීරණය  කර තිබේ

ඒ දියගමදී පැවැති ජාතික තරගාවලියේදී  මීටර් 100 (පිරිමි) ඉසව්ව ජය ගත් චමෝද්  යෝධසිංහ එහිදී වාර්තා කළ තත්පර 10.44 ට වඩා හොඳ කාලයකින් ඉසව්ව නිමා කර පෙන්වීමය.දියගමදී නිමාවූ 102 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියට  සහභාගිවීම  සදහා ඉතාලියේ සිට දිවයිනට පැමිණි යුපුන්  අබේකෝන්ට පාදයක හට ගත් මස්පිඩු ආබාධයක්  හේතුවෙන් මීටර් 100 (පිරිමි) ඉසව්වේ  අවසන්  පූර්ව වටයේ තරග වදිමින් සිටින අතර ඉසව්වෙන් ඉවත්වීමට සිදු විය.

යුපුන් තවදුරටත්  මෙරට  රැඳී  සිටින අතර ශ්‍රී ලංකාවට මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් සුදුසුකම්  නොලත් ලේඛනයෙන් ක්‍රීඩකයකු ඉදිරිපත් කිරීමේ අවස්ථාව සැලසෙන්නේ නම් ජූලි 7 වැනිදාට පෙර  ඔහු සදහාම  කැදවන තේරීම් පරික්ෂණයෙන්   සමත්වීම  ඔහුට  අනිවාර්ය කර තිබේ.

අවසන්  වරට යුපුන් මෙරටදී  මීටර්  100 තරගයකට සහභාගිවී ඇත්තේ වසර 2019 දිය.එම වසරේ අගෝස්තු  28 වැනිදා   යුද හමුදා තරගාවලියේදී   ඔහු  මෙතෙක් මෙරට අවසන් ධාවනයට සහභාගිවීමේදී  තත්පර  10.44 ක කාලයක් වාර්තා කර තිබේ.

මේ අතර ඊයේ පැවැති විශේෂ  තේරීම්  තරගාවලියේදී  චාමෝද් යෝධසිංහගේ මිටර් 100 ධාවනය තත්පර 10.62 කට සීමා විය.

පැරිස්  ඔලිම්පික් නිර්දේශ සලකා  බැලීමේදී ප්‍රසාද ලකුණු  ක්‍රම වේදයෙන්  ඊයේ වන විට මීටර්  800 (කාන්තා) ඉසව්වෙන් තරුෂි කරුණාරත්න 42 වැනි තැන ලබා සිටියාය.ඒ ඒ සදහා සුදුසුකම්  නොලත්  ලේඛනයෙන් හැරෙන්නට නිර්දේශ  කර ගන්නා ක්‍රීඩිකාවන්  45 දෙනකු  අතරිණි.

ඊයේ සුගතදාස  පිටියේදී  පාසල්  ක්‍රීඩිකා විහාරි රණසිංහ  හා මීටර්  600 තරග ධාවනයට සහභාගිවූ තරුෂි කරුණාරත්න එහිදී  විනාඩි 1 තත්පර 26.99 ක දක්ෂතාවක් පෙන්වූවාය.විහාරිගේ එහි නිමි කාලය විනාඩි 1 තත්පර 42.21 කි.ස්පාඤ්ඤයේදී  ජූනි 18 වැනිදා  තරග වදිමින් මෙම ධාවනයේදී තරුෂි  පෙන්වූයේ ව්නාඩි 1 තත්පර 24.84 ක නිමි කාලයකි.එය මීටර් 600  (කාන්තා ) ඉසව්වේදී  නව ආසියානු වාර්තාවකි.

ප්‍රසාද ලකුණු  ක්‍රමයෙන් පැරිස්  ඔලිම්පික් නිර්දේශ අපේක්ෂාවෙන්  පසු වන මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශන  ඊයේ පළ කළේ තත්පර  45.49 ක නිමි කාලයකි.එහිදී කාලිංග  කුමාරගේ තත්පර  45.89 ක නිමි කාලයක්  වාර්තා කළේය.

මෙම  තේරීම්  තරගාවලියට සහභාගිවූ ප්‍රසාද ලකුණු ක්‍රමයෙන් පැරිස්  ඔලිම්පික්  නිර්දේශ සදහා  මේ වන විට ශ්‍රී  ලංකාවෙන් ඉදිරියෙන්ම පසු වන  ක්‍රීඩිකා නදීෂා  දිල්හානි ලේකම්ගේ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් පළ කළේ මීටර්  55.88 ක දක්ෂතාවකි.

 


අදහස් (0)

යුපුන්ට කොන්දේසියක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.