Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන්ට ජර්මනියේදී ජයක්

යුපුන්ට ජර්මනියේදී ජයක්

editorial - 2024 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ) 

ජර්මනියේ  ඩෙසයූ නුවරදී සිකුරාදා  (24) පැවැති ග්‍ර්‍ර්‍රෝන්  - ප්‍රී මලල  ක්‍රීඩා  තරගාවලියේදී ශ්‍රී ල‍‍ංකා ක්‍රීඩක යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් මිටර් 100 (පිරිමි ) ඉසව්ව තත්පර  10.15 කට ජය ගැනීමට  සමත් විය.එහිදී මූලික  වටයේදී වඩාත් දක්ෂතාවයක් පළ කළ ඔහු එහිදි  මෙම  තරග සමයේ ඉසව්වේ මෙතෙක් සිය හොඳම  නිමි කාලය වාර්තා කළේ තත්පර  10.15 කටය. 

අවසන් තරගයේදී යුරෝපයේ  කෙටි ධාවන  ශූරයෙකු  වන පෝලන්තයේ ඩොම්නික් කොපෙක් ඔහු ආසන්නයටම පැමිණ (තත්පර 10.21) පරාජයට  පත්වූ ක්‍රීඩකයායි.

මෙම ජර්මන් තරගාලියට සහභාගිවූ කෙටි ධාවන ශූරයන් අතරින් ඉසව්වේ  පළමුවත් දෙවනුවත් හොඳම  කාලයන් වාර්තා කිරීමට යුපුන් සමත්වීම කැපී පෙණුනි.

කෙසේවුවත්  පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ  ලබා ගැනීමට මීටර්  100 (පිරිමි ) ඉසව්වෙන් ක්‍රීඩකයෙක් අවම තත්පර 10.00 දක්ෂතාවයක් පළ කළ යුතුය.යුපුන්ගේගේ මෙහි හොඳම  දක්ෂතාවය තත්පර 9.96 කි.2022 ජූලි 3 වැනිදා සූරිච් නුවරදී පළ කළ මෙතෙක් ඉසව්වේ  ඔහුගේ මෙම  හොඳම  දක්ෂතාවය පැරිස්  ඔලිම්පික්  නිර්දේශ  කාල සමයට වලංගු  නොවේ.

පැරිස් ඔලිම්පික්  මලල  ක්‍රීඩා  ඉසව් නිර්දේශ ලැබීමේ කාලසීමාව සැළකෙන්නේ 2023 ජූලි 1 වැනිදා සිට 2024 ජුනි 30 වැනිදා  දක්වාය. යුපුන්ගේ  සූරිච්  දක්ෂතාවය සැළකෙන්නේ මෙතෙක් දකුණු  ආසියාවේ ක්‍රීඩකයෙකු මිටර් 100 (පිරිමි ) ඉසව්වෙන්  පළ කළ හොඳම (තත්පර 10ට අඩුවෙන්) දක්ෂතාවය  ලෙසයි.

මේ අතර  ජූනි  මාසයේදී  පින්ලන්තයේදී පැවැත්වෙන  ග්‍ර්‍ර්‍රෝන් - ප්‍ර්‍රී මලල ක්‍රීඩා  තරග දෙකකට සහභාගිවීමට යුපුන්  සැළසුම්  කර ඇතැයිද වාර්තාවේ.

යුපුන්ට විදේශයකදී පැරිස් ඔලිම්පික් නිර්දේශය තහවුරු කර ගැනීමට  නොහැකි  වන්නේ නම් ඔහු ජූනි 27 - 28 29 යන දිනවලදී කොළඹදී පැවැත්වෙන 102 වැනි ජාතික මලල  ක්‍රීඩා තරගාවලියට සහභාගිවීමට සැළසුම්  කර ඇතැයිද වැඩිදුරටත් වාර්තාවේ.

 

යුපුන් අබේකෝන් මිටර් 100 ( පිරිමි ) ඉසව්වෙන්  මෙතෙක්  පළ කර තිබෙන හොඳම දක්ෂතා 10  මෙසේය.

  1  තත්පර 9.96 - 2022 -  ජූලි : සූරිච් 
   2 තත්පර 10.06 - 2022 - මැයි :  ඩෙසයූ 
  3 තත්පර  10.08  - 2022 මැයි : ඔස්ට්‍ර්‍ර්‍රාවා
  4 තත්පර 10.06 - 2022 මැයි : බර්මින්හැම් 
  5 තත්පර 10.11 - 2022 : සූරිච් 
  6 තත්පර 10.14 - 2022 :  බර්මින්හැම් 
  7 තත්පර 10.14 - 2022 : සූරිච් 
  8 තත්පර 10.15 - 2022 : සූරිච් 
  9 තත්පර 10.15 - 2024: ඩෙසයූ 
 10 තත්පර 10.16 -2024 : ඩෙසයූ 
(මිටර් 100 (පිරිමි) ඉසව්වේ ශ්‍රී ල‍‍ංකා ජාතික වාර්තාව ලෙස  ගැණෙන්නේ ද යුපුන්  අබේකෝන්  සූරිච්  නුවරදී  දැක්වූ  තත්පර 9.96 ක දක්ෂතාවයයි.)


අදහස් (0)

යුපුන්ට ජර්මනියේදී ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.