Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යොවුන් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට සාකච්ඡා

යොවුන් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට සාකච්ඡා

දිලිනි මල්රුක්ෂි - 2015 පෙබ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ක‍්‍රීඩකයින්ගේ දක්ෂතා ජාත්‍යන්තරය දක්වා රැුගෙන යාමට යොවුන් ක‍්‍රීඩා උළෙල අත්‍යවශ්‍ය සාධකයක් බවත් එමනිසා වෙනසකම් කීපයක් යටතේ මෙම වසරේ දී ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට අදහස් කරගෙන සිටින බව තරුණ කටයුතු පිළිබද අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසයි.

පසුගිය වසරේ යොවුන් ක‍්‍රීඩා උළෙල නොපැවැත්වූ හෙයින් නව රජය යටතේ මෙම වසරේදී ක‍්‍රීඩා උළෙල පවත්වනවාද යන්න පිළිබදව කළ විමසුමකදී හෙතෙම මෙම අදහස් පලකර සිටියේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, "යොවුන් ක‍්‍රීඩකයන්ට ඔවුන්ගේ හැකියාවන් ජාතික මට්ටමෙන් ප‍්‍රදර්ශනය කිරීමටත්, දක්ෂතා ජාත්‍යන්තර මට්මට රැගෙන යාමටත් ක‍්‍රීඩා උළෙලක් සංවිධානය කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. එම නිසා යොවුන් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයෙන් අප ඉහළ තලයකට යන්නනම් යොවුන් ක‍්‍රීඩා උළෙලක් අනිවාර්යයෙන් සංවිධානය කළ යුතුයි. ඔවුන්ට ඔවුන්ගේ හැකියාවන් ජාතික මට්ටමින් ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලබාදිය යුතුය. ජාතික යොවුන් ක‍්‍රීඩා උළෙල  මේ වසරේ පවත්වන්නට අදහස් කරගෙන සිටිනවා. එය පසුගිය වසර වලට සාපේක්ෂව ක‍්‍රීඩකයන්ගේ දක්ෂතා තවදුරටත් ඉදිරියට ගත හැකි,  නව වෙනස්කම් යටතේ සැම දෙනාටම සාධාරණයක් වන ලෙස පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා. තවම සාකච්ඡ මට්ටමේ තිබෙන නිසා ක‍්‍රීඩා උළෙල පැවැත්වෙන ස්ථානය හෝ කාල වකවානුවක් තීරණය කර නැහැ. පසුගිය වසරේ ද යොවුන් ක‍්‍රීඩා උළෙලක් පැවැත්වුණේ නැහැ. එම නිසා මෙම වසර ඇතුළත කෙසේ හෝ පැවැත්වීමට අදහස් කරගෙන ඉන්නවා.” යැයි පවසා සිටියේය.

ජාතික තරුණ සේවා සභාව , ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සහ යෞවන කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව 25 වැනි වරට සංවිධානය කළ ජාතික  යොවුන් ක‍්‍රීඩා උළෙල පසුගිය 2013 වසරේ පොළොන්නරුව ජාතික ක‍්‍රීඩාංගණයේ දී පැවැත්වුණු අතර , 2014 වසරේදී නොපැවැත් විණ.


අදහස් (0)

යොවුන් ක‍්‍රීඩා උළෙල පැවැත්වීමට සාකච්ඡා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.