Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වන 53 වැනි යුද හමුදා අන්තර් රෙජිමේන්තු මලල ක්‍රීඩා තරගාවලියේදී රිටි පැනීමේ (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදා කාන්තා බලකායේ හසිතා දිල්රුක්ෂි සමත් වූවාය. මීටර් 3.40 ක උසක් පනිමින් ඇය එම වාර්තාවට පිහිටුවීමට සමත් වූවාය.
තරගාවලියේ ආරම්භක දිනය වූ ඊයේ (23 වැනිදා) නව තරගාවලි වාර්තා පිහිටුවීමට තුන් පිම්ම (කාන්තා) ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ විදූෂා ලක්ෂානි සහ දුර පැනීමේ (පිරිමි) ඉසව්වේ අවසන් මහ තරගයට සහභාගි වූ මොහොමඞ් මිෆ්රාන්ද සමත් වූහ.
මීටර 13.41 ක දුරක් පනිමින් විදූෂා ලක්ෂානි එම වාර්තාව පිහිටවූ අතර මොහොමඞ් මිෆ්රාන් එම වාර්තාවට හිමිකම් කීවේ මීටර 7.75 ක දුරක් පනිමිනි.
දුර පැනීමේ (පිරිමි) ඉසව්වෙන් ආර්. රාජපක්ෂද (මීටර් 7.75), තුන් පිම්ම (කාන්තා) ඉසව්වෙන් ඩී. වීරසේකර (මීටර් 13.9) සහ ඒ. ධනංජනීද (මීටර් 12.95) සිය හොඳම දක්ෂතා දැක්වීමට සමත් වූහ.
ඊයේ පැවැති අවසන් මහ තරග ප්‍රතිඵල
රිටි පැනීම (කාන්තා)
1 හසිතා දිල්රුක්ෂි (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 3.40 (න.ශ්‍රී.වා)
2 එන්. සිල්වා (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 2.50
3 ඩබ්ලිව්. ප්‍රියවත්ත (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 2.40
මීටර් 5000 (පිරිමි)
1 එම්. පුෂ්පකුමාර (කාලතුවක්කු බළකාය) - තත්පර 14:44.1
2 ලයනල් සමරවීර (යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය) - තත්පර 14:45.4
3 ඩී. දිසානායක (සේවා බළකාය) - තත්පර 14:51.2
උස පැනීම (පිරිමි)
1 කේ. වද්දෙවිතාන (යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය) - මීටර් 2.07
2 ඩී. ගුරුගේ (ජාතික ආරක්ෂක බලමුළුම) - මීටර් 2.07
3 එස්. ඒකනායක (සේවා බළකාය) - මීටර් 2.07
දුර පැනීම (පිරිමි)
1 මොහොමඞ් මිෆ්රාන් (යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය) - මීටර් 7.75 (න.ත.වා)
2 ආර්. රාජපක්ෂ (කාලතුවක්කු බළකාය) - මීටර් 7.71
3 එන්. එස්. අහමඞ් (යාන්ත්‍රික ඉන්ජිනේරු බළකාය) - මීටර් 7.57
මීටර් 1000 (කාන්තා)
1 එස්. වික්‍රමසූරිය (යුද හමුදා කාන්තා බලකාය) - තත්පර 38:08.8
2 එස්. ලියනගේ (යුද හමුදා කාන්තා බලකාය) - තත්පර 38:52.5
3 එම්. සෙව්වන්දි (යුද හමුදා කාන්තා බලකාය) - තත්පර 40:03.2
මීටර් 400 කඩුලු පැන දිවීම (කාන්තා)
1 එන්. වික්‍රමසිංහ (යුද හමුදා කාන්තා බලකාය) - තත්පර 62.1
2 ඒ. මදුෂානි (යුද හමුදා කාන්තා බලකාය) - තත්පර 62.6
3 ඒ. දුනාලි (යුද හමුදා කාන්තා බලකාය) - තත්පර 63.9
තුන් පිම්ම (කාන්තා)
1 විදූෂා ලක්ෂානි (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 13.41 (න.ත.වා)
2 ඩී. වීරසේකර (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 13.09
3 ඒ. ධනංජනී (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 12.95
කවපෙත්ත විසිකිරීම (කාන්තා)
1 ඊ. නිල්මිණි (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 32.32
2 දිල්රුක්ෂි (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 27.87
3 එස්. ගුණරත්න (යුද හමුදා කාන්තා බලකාය) - මීටර් 27.89
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.