Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics රුමේෂිකා මීටර 100 ඉසව්වේ 6 වැනි තැනට

රුමේෂිකා මීටර 100 ඉසව්වේ 6 වැනි තැනට

ශනුක අරවින්ද - 2015 ජුනි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ වුහාන්හිදී දැන් පැවැත්වෙන 21 වැනි ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ අද (04) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකා රුමේෂිකා රත්නායක මීටර 100 කාන්තා ඉසව්වේ අවසන් තරගය තත්පර 11.56 කින් නිම කරමින් 6 වැනි ස්ථානයට පත්වූවාය.

ශ‍්‍රී ලංකාවේ නව කෙටි දුර ධාවන ශූරිය වන රුමේෂිකා රත්නායක මීටර 100 ඉසව්වේ වාර්තා කළ තත්පර 11.56 ක කාලය ඇයගේ එම ඉසව්වේ ඉහළතම කාලය වේ.

රුමේෂිකා දෙවැනි අවසන් පූර්ව තරගය තත්පර 11.72 කින් අවසන් කරමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.

ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහගෙන් පසුව මීටර 100 ඉසව්වේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවක් වාර්තා කළ හොදම කාලය ද මෙය වේ. සුසන්තිකා ජයසිංහ 2000 වසරේදී මීටර 100 ඉසව්ව තත්පර 11.04 කින් අවසන් කරමින් ශ‍්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන්නීය.

ශ‍්‍රී ලංකා මීටර 100-4 සහය දිවීම පිරිමි කණ්ඩායම ඊයේ (04) එම ඉසව්වේ අවසන් තරගය තත්පර 39.38 කින් අවසන් කරමින් සිවුවැනි ස්ථානයට පත්වූ අතර එය එම ඉසව්වේ ශ‍්‍රී ලංකා වාර්තාව අභිබවා යෑමකි.

මෙහිදී හිමාෂ ඒෂාන්, ෂෙහාන් අෙ ඕපිටිය, විනෝජ් මුතුමිණ සහ මොහොමඞ් ලතීෆ් ශ‍්‍රී ලංකා මීටර 100-4 සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළහ.

ශ‍්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම 2004 වසරේ මීටර 100-4 සහය දිවීමේ ඉසව්ව තත්පර 39.71 කින් අවසන් කරමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.

ශ‍්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර ඊයේ මීටර 100 පිරිමි ඉසව්වේ දෙවැනි අවසන් පූර්ව තරගය තත්පර 10.52 කින් නිම කරමින් සිවුවැනි ස්ථානයට පත්වුව ද අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් විය.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැසක් ඊයේ ඉසව්වලට සහභාගි වුවද පදක්කම් දිනා ගැනීමට නොහැකි වූහ. අද (05) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාන් රැසක් තරගවලට සහභාගි වීමට නියමිතය.

ඊයේ (04) ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වූ තරග

මීටර 100 කාන්තා (අවසන් තරගය)
රුමේෂිකා රත්නායක - 6 වැනි ස්ථානය (තත්පර 11.56)

මීටර 400 කාන්තා (අවසන් තරගය)
චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක - 5 වැනි ස්ථානය (තත්පර 54.24)

මීටර 100X4 සහය දිවීම පිරිමි (අවසන් තරගය)
ශ‍්‍රී ලංකා කණ්ඩායම - සිවුවැනි ස්ථානය (තත්පර 39.38)

මීටර 5000 පිරිමි (අවසන් තරගය)
චමින්ද විජේකෝන් - 9 වැනි ස්ථානය (විනාඩි 14.23.17)

මීටර 1500 පිරිමි (අවසන් තරගය)
චින්තන සංජීව (විනාඩි 3.52.68)

මීටර 100 පිරිමි (අවසන් පූර්ව තරගය)
හිමාෂ ඒෂාන් (තත්පර 10.52)

-048

 


අදහස් (0)

රුමේෂිකා මීටර 100 ඉසව්වේ 6 වැනි තැනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.