Last Update  :  2024-12-26 15:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලයිසියම්-මාරිස්ටෙලා සමස්ත ශූරතා දිනයි

ලයිසියම්-මාරිස්ටෙලා සමස්ත ශූරතා දිනයි

editorial - 2024 නොවැ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කොටවිල ක්‍රීඩා  සංකීර්ණයේදී ඊයේ (20) නිමාවට පත්වූ ශ්‍රීමත් ජෝන් ටාබට් මලල ක්‍රීඩා (කනිෂ්ඨ) තරගාවලියේ සමස්ත බාලක හා බාලිකා ශූරතා පිළිවෙළින් මීගමුව මාරිස්ටෙලා විදුහල හා වත්තල ලයිසියම්  ජාත්‍යන්තර පාසල විසින්ද දිනා ගන්නා ලදී.

ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය සංවිධානය කළ මෙම තරගාවලිය සදහා දිවයිනේ පාසල් රැසකින් වයස 12 න් පහළ, 14 න් පහළ හා 15 න් බාලක හා බාලිකා යන කාණ්ඩ දෙකෙන් සිසු සිසුවියෝ 4000 ක් පමණ සභභාගි වූහ. රිස්ට්බරි චොක්ලට් සන්නාමයේ අනුග්‍රහයෙන් තරගාවලිය මෙවරත් පැවැත්විණි.

මෙවර තරගාවලියේදී නව වාර්තා 17 ක් බිහි වන අතර පැවැති වාර්තා සම කළ අවස්ථා ගණන තුනකි.

 

තරගාවලියේ ශූරතාලාභී පාසල්

වයස 14 න් පහළ

බාලිකා

සම ශූරතාව :-  මීගමුව ආවේ මරියා කන්‍යාරාමය හා  හේවාවිතාරණ මහ විදුහල (ලකුණු 27 බැගින්), අනුශූරතාව :- කොටහේන යහපත් එඬේරාගේ කන්‍යාරාමය (20)

බාලක

ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල (39),   සම අනුශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (27 බැගින්)

 

• වයස 15 න් පහළ

බාලක

ශූරතාව - කොළඹ ශාන්ත ජෝශප් විදුහල (29), අනුශූරතාව - කොළඹ ඉසිපතන විදුහල (20), තෙවැනි ස්ථානය - මීගමුව මාරිස්ටෙලා විදුහල (18)

බාලිකා

ශූරතාව  - වත්තල ලයිසියම් ජාත්‍යන්තර විදුහල (33), අනුශූරතාව - බලංගොඩ විද්‍යාලෝක මහ විදුහල (30), තෙවැනි ස්ථානය - හලාවත ආනන්ද ජාතික පාසල (26)

 

• වයස 12 න් පහළ

බාලක

ශූරතාව - කොළඹ තර්ස්ටන් විදුහල (31), අනුශූරතාව - මන්නාරම පොථකර්නී මධ්‍ය මහ විදුහල (14) සම තෙවැනි ස්ථානය -  හල්මිල්ලකැටිය  විදුහල, කොළඹ ආනන්ද විදුහල හා දික්වැල්ල විජිත මැදි මහ විදුහල ( ලකුණු 10 බැගින්)

බාලිකා

සම ශූරතාව :- වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල, දික්වැල්ල විජිත මැදි මහ විදුහල හා කොළඹ ශුද්ධ වූ පවුලේ බාලිකා විදුහල (ලකුණු 17 බැගින්)

 

• වයස 13 න් පහළ

(බාලක) -   සම ශූරතාව - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල හා මීගමුව මාරිස්ටෙලා විදුහල ( ලකුණු 33 බැගින්), තෙවැනි ස්ථානය - මහනුවර ත්‍රිත්ව විදුහල (12)

බාලිකා

ශූරතාව - නිකවැරටිය ජාතික පාසල (30), අනුශූරතාව - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (12)

 

• සමස්ත ශූරතා කාණ්ඩය

ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල (82), අනුශූරතාව - කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල (67), තෙවැනි ස්ථානය - කොළඹ  ශාන්ත ජෝශප් විදුහල (42)

බාලිකා

ශූරතාව -  වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (60), අනුශූරතාව - මීගමුව ආවේ මරියා විදුහල (51), තෙවැනි ස්ථානය -  මාතර සුජාතා විදුහල (38)

 

• තරගාවලියේ අතිශූර සම්මාන

අතිශූර ක්‍රීඩකයා - ඒ. එස්. සමල්ක ( දුර පැනීම - වයස 14 න් පහළ බාලක - දුර පැනීම, දක්ෂතාවය - මීටර් 6.54)

අතිශූර ක්‍රීඩිකාව - එන්. රාජපක්ෂ (දුර පැනීම - වයස 15 න් පහළ - දක්ෂතාවය - මීටර 6.04 - බාලිකා - වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල)

 

සමස්ත බාලක ශූරතාව - මීගමුව මාරිස්ටෙලා විදුහල

 

සමස්ත බාලිකා ශූරතාව - ලයිසියම් ජාත්‍යන්තර විදුහල


අදහස් (0)

ලයිසියම්-මාරිස්ටෙලා සමස්ත ශූරතා දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.