Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ පැරණිතම මලල ක්‍රීඩා සමාජයක් වන ලාංකික ජවන හා පිටිය ක්‍රීඩා සමාජය 54 වැනි වරට සංවිධානය කරන මලල ක්‍රීඩා තරගාවලිය දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී හෙට සහ අනිද්දා (5 සහ 6) පැවැත්වේ.
වයස 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ සහ 20 න් පහළ බාලක සහ බාලිකා, විවෘත පිරිමි සහ කාන්තා ලෙස පැවැත්වේ. වයස 11, 12 සහ 13 යන වයස්වල තරගවලදී පරිසාධන මට්ටම සම්පූර්ණ කරන ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට කුසලතා සහතික පිරිනැමේ.
සෑම වයස් කාණ්ඩයකම දක්‍ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ සම්මාන පිරිනැමෙන බව ලාංකික ජවන හා පිටිය ක්‍රීඩා සමාජයේ සභාපති අනිල් වීරසිංහ මහතා පැවසීය.
මෙම ක්‍රීඩා උළෙල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1200 කට අධික පිරිසක් සහභාගි වනු ඇති බව සංවිධායකයෝ කියති.
-048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.