Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාව දුටු 64 වැනි ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී නව වාර්තා 34 ක් බිහි විය. ඒ අතර පේරු රාජ්‍යයේදී පැවැත්වෙන ලෝක කනිෂ්ඨ (වයස 20 න් පහළ) මලල ක්‍රිඩා තරගාවලිය සදහා නිර්දේශ ලබාගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ගණන 11 ක් දක්වා ඒ හමුවේ ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මලල ක්‍රිඩා ආයතනයේ ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පැවැසුවේ තරගාවලිය පැවැත්වෙන අතර විටින් විට ඇඇදහැලුණු වර්ෂාව මධ්‍යයේ ක්‍රිඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා මෙතරම් ඉහළ අගයක් ගැනීම කැපී පෙණෙනම සිදුවීම බවයි.
එහිදී තරගාවලියේ එක් වසරක කාලයකදී වාර්තාවූ වැඩිම නව වාර්තා ගණනත් මෙවර වාර්තාවී තිබේ. ඒ අතර වඩාත්ම පැරණි වාර්තා කීපයක් බිද වැටීමත් තවත් කැපී පෙණුනු සිදුවීමකි.
බිබිල නන්නාපුරව මහ විදුහලේ මධුෂානි හේරත් දුර පැනීම - බාලිකා වයස 20 න් පහළ ඉසව්වෙන් මීටර් 6.32 ක දක්ෂතාවක් දක්වමින් එහි නව වාර්තාව පිහිටුවූයේ පේරු ලෝක ශූරතාවලියටද නිර්දේශ තහවුරු කර ගනිමිණි. මෙය ඉසව්වේ වසර 28 ක් පැරණි වාර්තාව බිද දැමීමකි.
මෙහි මුල් වාර්තාලාභිණිය වූයේ පසුකාළීනව දුර පැනීමේ ආසියානු ශූරතා දක්ෂතා දැක්වූ මේ වනවිට වේල්සයේ ජීවත් වන ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විදුහලේ ආදී ශිෂ්‍යාවක් වන අනෝමා සූරියආරච්චි විසිනි.
මේ අතර මෙහිදී වසර 23 ක් පැරණි උස පැනීම ( බාලක) ඉසව්වේ (වයස 18 න් පහළ) වාර්තාවක්ද හා යගුලිය විසි කිරීමේ ( වයස 20 න් පහළ - බාලක) වාර්තාවක් බිද වැටීමද කැපී පෙණුනි.වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ තරුෂ මෙන්ඩිස් (මීටර් 2.14) හා යුද හමුදා ක්‍රීඩක රන්හිද අල්විස් (6.69) ඔවුහු වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.