Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වියට්නාම් විවෘත තරගාවලියට 4ක් යති

වියට්නාම් විවෘත තරගාවලියට 4ක් යති

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වියට්නාමයේ හෝචිමින් නගරයේදී පැවැත්වෙන වියට්නාම් විවෘත මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සිවු දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය. තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මේ මස 26 වැනිදා දිවයිනෙන් පිටත්ව යයි.

තරගාවලිය මේ මස 27 වැනිදා සිට 31 වැනිදා දක්වා පැවැත්වේ.

ඊට රටවල් අටකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිවන අතර ශ්‍රී ලංකාවෙන් සහභාගිවන්නේ ක්‍රීඩකයන් තිදෙනෙකු සහ එක් ක්‍රීඩිකාවක් පමණි. ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ඇති ඔවුන් සියලු දෙනාම යුද හමුදාව නියෝජනය කරති.


ශ්‍රී ලංකා කණ්ඩායම:
ප්‍රදීප් රුවන් කුමාර (මීටර 400), අනීත කුමාරසිරි (තුන් පිම්ම), වරුණ ලක්ෂාන් දයාරත්න (හෙල්ල විසි කිරීම), නිලානි රත්නායක (මීටර 5000, මීටර 3000 බාධක දිවීම), අනිල් වීරසිංහ මහතා (කළමනාකරු)

 


අදහස් (0)

වියට්නාම් විවෘත තරගාවලියට 4ක් යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.