Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වසර 39 ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවක් බිද දැමීමට ගම්පොල වික්‍රමබාහූ ජාතික පාසලේ තරුෂි අභිෂේකා සමත් වූවාය.
මීටර් 1500 - වයස 18 න් පහළ (බාලිකා) ඉසව්ව විනාඩි 4 තත්පර 29.97 ක දක්ෂතාවයක් දක්වමින් ජය ගත් අභිෂේකා එහිදී 1985 දී එවකට ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ සිසුවියක්ව සිටියදී ධම්මිකා මැණිකේ විසින් මෙම ඉසව්වෙන් විනාඩි 4 තත්පර 35.7 කට පිහිටුවා තිබූ ඉසව්වේ මෙතෙක් පැවැති වාර්තාව බ්ද දැමීමට පෙරේදා (19 සමත් වූවාය.
ධම්මිකා මැණිකේ පසු කාලයේදී මීටර් 800 හා මීටර් 1500 යන කාන්තා ඉසව් දෙකෙන් ආසියානු ශූරතා හා දකුණු ආසියානු ශූරතා පදක්කම් අටක් දිනූ ක්‍රීඩිකාවකි.
තරුෂි අභිෂේකාගේ පෙරේදා දක්ෂතාවය මීටර් 1500 (කාන්තා) ඉසව්වේ වයස 20 න් පහළ කාන්ඩයේ නව ශ්‍රී ලංකා වාර්තාවද අභිබවා ගොස් තිබීම එහීදී කැපී පෙනේ.
මෙම ක්‍රීඩිකාව මේ වන විට ජාත්‍යන්තර කණිෂ්ඨ තරගාවලි කීපයකටද සභභාගිවී සිටින අනාගතයේ මෙරට ජාතික මලල ක්‍රීඩා තරුවක් වන ලකුණු පෙන්නුම් කරමින් සිටියි.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ අභිෂේකා සුවිශේෂී දක්ෂතා දැක්වූ මෙම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත් නම්බඩගස්වැව මහ විදුහලේ සචිණි මධුශානිකාද පැරණි වාර්තාව අභිබවා ගිය දක්ෂතාවයක් එහිදී පළ කර තිබුණේ විනාඩි 4 තත්පර 42. 21 කටය.
මේ අතර තරගාවලියට සහභාගි වූ කදාන ශාන්ත සෙබස්තියන් විදුහලේ මීටර් 400 ක්‍රීඩක ඔමෙල් ශසින්ත වයස 18 න් පහළ - (බාලක) කාන්ඩයෙන් තත්පර 46.85 කට ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.
අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වසරට සූදානම් කළ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල යටතේ දින පහක් පුරා මෙවර පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලිය හෙට (22) දක්වා සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
අද (20) තරගාවලියේ සිව් වැනි දිනයේ තරග ඉසව් පැවැත්වීමේදී විටින් විට පිටියට වැස්ස කඩා හැලුනි.ඊයේ දිනය නිමාවේ නව තරග වාර්තා 14 ක් බිහිවී තිබුණි.ඒ වන විට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල සමස්ත බාලක ශූරතාව දිනා ගැනීමේ වැඩිම ඉඩක් පළ කර තිබුණි.ඒ ඒ වන විට වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් ලබමිණි.
අද දිනය නිමා වන විට වැඩිම ප්‍රසාද ලකුණු ගණනක් ලබා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාව දිනා ගැනීමේ වැඩිම ඉඩක් පළ කර තිබුණි. බාලක සමස්ත ශූරතාව සදහා ඒ වන විට මීගමුව මාරිස්ටෙලා ව්දුහල ජෝශප් වාස් විදුහල අතර තියුණු සටනක් ඇතිවී තිබුණි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.