Last Update  :  2024-09-07 19:58:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වසරකදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කම් 35 ක්

වසරකදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කම් 35 ක්

editorial - 2024 ජුනි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල්  පතිරගේ)

උස්බෙකිස්තානයේ  ටෂ්කන්ට්  නුවරදී  2023 අප්‍රේල්  23 වැනිදා  ආරම්භ  වූ පස් වැනි ආසියානු  වයස 18 න් පහළ මලල  ක්‍රීඩා  තරගාවලියේ සිට 2024 ජූනි 1 -2 යන දිනවලදී   තායිපේ  නුවරදී  පැවැති  තායිවාන් විවෘත  මලල ක්‍රීඩා  තරගාවලියේ අවසානය දක්වා ශ්‍රී  ලංකාව මලල  ක්‍රීඩා ජාත්‍යන්තර  පදක්කම්  35 ක් දිනා ගැනීමට සමත්ව සිටියි.

   වසරක් තරම් වන කෙටි කාලයක්  තුළදී මෙසේ වාර්තා ගත ජාත්‍යන්තර මලල  ක්‍රීඩා පදක්කම් ගණනක් දිනා ගැනීම ගැන ශ්‍රී  ලංකා මලල  ක්‍රිඩා ආයතනයේ  සභාපති  මේජර් ජෙනරාල් (ව්ශ්‍රාමික)  පාලිත ප්‍රනාන්දු  මහතා පැවැසුවේ මෙම  තරග සංචාර සදහා වැය කළ කෝටි  ගණනක් වන වියදම් වලට මෙරට  මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  ඉහළම වටිනාකමක් ලබාදීමට සමත්ව තිබෙන බවයි.

ශ්‍රී  ලංකා මලල  ක්‍රීඩා  විධායක සභාවේ හා පුහුණුකරුවන්ගේ  කැපවීම් ඒ සදහා  මූලිකම අඩිතාලම වූ බවත් දම්රෝ වැනි අනුග්‍රාහක  ආයතන ඊට උන්නදුව  ලබාදීමෙන් මෙරට මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන් වඩාත් ධෛර්ය  සම්පන්නව තරග වැදීමෙන් මෙම  යහපත්  තත්වය  ගොඩනගා ගත් බවත් පාලිත  ප්‍රනාන්දු  මහතා පවසයි.

ශ්‍රී ලංකාව එකී කාලය තුළදී  ජාත්‍යන්තර  තරගාවලි අටකට සහභාගි වෙමින් මෙම  පදක්කම් දිනා ගැනීම කැපී පෙනේ. ආසියානු ශූරතා මලල  ක්‍රීඩා  තරග ඉතිහාසයේ ඉහළම ස්ථානයට පත්වීමටද  2023 තරගාවලියේදී  ශ්‍රී  ලංකාව සමත්වීම කැපී පෙනේ.එහිදී 1998 තරගාවලියේදී  ලබා ගත් පස් වැනි ස්ථානය අභිබවා යමින් සිවු වැනි ස්ථානය හිමි කර ගැනීමටද ශ්‍රී ලංකාව සමත් විය.

මෙම සියලු ජාත්‍යන්තර තරග වලදී ශ්‍රී ලංකාව දිනාගත් රන් පදක්කම්  ගණන 10 කි. එහිදී  වලල ඒ. රත්නායක  මධ්‍ය මහ විදුහලේ ශිෂ්‍යාාවක්ව සිටියදී 2023  බැංකොක් ආසියානු  ශූරතා තරගාවලියේදී මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් නව වාර්තාවක් පිහිටුවමින්  රන් පදක්කම තරුෂි කරුණාරත්න දිනා ගත්තේ එවැනි දස්කමක් කළ මෙරට දෙවැනි පාසල් සිසුවිය (පළමු වැනියා  දමයන්ති දර්ශාය) බවට පත්වෙමිණි.

2023 වසරේදී තමන් සභභාගි වූ සියලු ආසියානු  ශූරතා තරගවලදී රන් පදක්කම් දිනා ගැනීමටත් තරුෂි එහිදී සමත්ව තිබේ. මේ වන විට ශ්‍රී  ලංකා මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවන්  තව දුරටත් පැරිස් ඔලිම්පික් නිර්දේශ  ලබා ගැනීමේ අභිප්‍ර්‍රායෙන් ජාත්‍යන්තර  තරග සංචාර කීපයකටම සහභාගිවී සිටිති. ඒ අතරින් නදීෂා  දිල්හානි ලේකම්ගේ ඇතුළු හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ  සිව් දෙනෙක්  කොරියාවේ  මොක්ෆෝ නුවරදී  අද සහ හෙට (14 -15) තරග වදිති.

තරුෂි  දිල්සරා කරුණාරත්න හා කාලිංග කුමාරගේ  අගහරුවාදා (18) ස්පාඤ්ඤයේදී තරග වදින අතර ඔවුන් අද (15) දිවයිනෙන්  පිටත්ව යාමට නියමිතව තිබුණි. ශ්‍රී  ලංකා ක්‍රීඩක අනුර දර්ශන  මීටර් 400 ( පිරිමි) ඉසව්වෙන් පැරිස් ඔලිම්පික්  අපේක්ෂා පෙරදැරිව බහමාස් හිදී තරග වැදීමට සූදානම්ව  සිටියේ ඉරිදා (16) ය. ශ්‍රී  ලංකා කෙටි ධාවන ශූර යුපුන්  ප්‍රියදර්ශන  අබේකෝන් මෙකී කාලය තුළදී ග්‍රෝන්  -  ප්‍රී තරග මාලා කීපයදීම ජයග්‍රාහණ අත් කර ගැනීමට සමත්ව තිබේ.


අදහස් (0)

වසරකදී ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කම් 35 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.