Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(සංජීව ධර්මසේන - ටෝකියෝ නුවර සිට)
තමන්ගේ වසර 18ක ක්‍රීඩා දිවිය තුළ ඔලිම්පික් වරම් හිමිකරගැනීම සුවීශේෂී අවස්ථාවක් වුවත්, වාර්තාකළ කාලය සම්බන්ධයෙන් සැහීමට පත් නොවන බව නිමාලි ලියනාරච්චි පැවසුවාය. සිය ඉසව්වට සහභාගිවීමෙන් පසුව කළ විමසීමේදී මේ බව පැවසීය.
තවදුරටත් අදහස් දැක් වූ නිමාලි, මෙසේද පැවසුවාය.
“මම වාර්තාකළ කාලය සම්බන්ධයෙන් සෑහීමට පත්වෙන්නේ නැහැ. මොකද මම ගොඩක් බලාපොරොත්තුවෙන් ආවේ මගේ පෞද්ගලික හොඳම කාලය හෝ වාර්තා කරන්න. නමුත් ඔලිම්පික් වැනි ලොව අතිදක්‍ෂතම ක්‍රීඩකයන් සහභාගිවන ක්‍රීඩා උළෙලකට තරගවැදීමට හැකිවීම ගැන ගොඩක් සතුටුයි“
“ඔලිම්පික් වරම් හිමිකරගැනීම ගැන ලොකු හීනයක් මට තිබුණා. මගේ අවුරැදු 18ක ක්‍රීඩා දිවියේ කළ කැපකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මට ඔලිම්පික් වරම් හිමිවුණේ. ඔලිම්පික් වගේ ක්‍රීඩා උළෙලකට සහභාගිවෙන්න ලැබීමත්, ලොව ප්‍රබල ක්‍රීඩිකාවන් සමඟ තරග කරන්න ලැබීමත් ගැන ගොඩක් සතුටුයි“
“ලබන වසරේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කමක් දිනාගන්න එක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ඉදිරියේ මගේ සියලු කැපකිරීම් කරන්නේ ඒ වෙනුවෙන්. ඒ නිසා මේක මගේ ඉදිරි ක්‍රීඩා ජීවිතයට ලොකු අත්දැකීමක්* යනුවෙන් පැවසුවාය.
ජපානයේ ටෝකියෝහි පැවැත්වෙන 32 වැනි ඔලිම්පික් උළෙලේ මලල ක්‍රීඩා තරග අද ආරම්භ වූ අතර, නිමාලි ලියනාරච්චි මීටර් 800 කාන්තා මූලික වටයේ තරගයකදී අවසන් ස්ථානයට පත්වූවාය. ඇයට අවසන් පූර්ව වටයට නැතහොත් අවසන් ක්‍රීඩිකාවන් 24 දෙනා අතරට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.
මී. 800 කාන්තා ඉසව්වේ සිව්වැනි මූලික තරගයට සහභාගි වූ නිමාලිට තරගය අවසන් කිරීම සඳහා විනාඩි 02.10.23 ක කාලයක් ගත විය. මූලික වටයට තරග කළ ක්‍රීඩිකාවන් අතුරින් ඇයට 43 වැනි ස්ථානය හිමිවිය.
මෙම ඉසව්ව සඳහා නිමාලිගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව වන්නේද විනාඩි 2.02.58 කි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.