Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තම තමන්ගේ දිස්ති‍්‍රක්ක වල වාර්ෂික තරගාවලිය නොවැම්බර් මාසයට පෙර පවත්වා අවසන් කරන ලෙස දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් 13 කට සහ ක්‍රීඩා සමාජ දෙකකට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය නියම කර ඇතැයි වාර්තාවේ.
වසර හයක් තිස්සේ එම සංගම් ක්රියාකාරීවී නැතැයිද චෝදනා එල්ලවී තිබේ. අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, බදුල්ල, කළුතර, ගාල්ල, මොණරාගල, මුලතිව්, මන්නාරම, කිළිනොච්චිය, යාපනය, මඩකලපුව, වවුනියාව යන දිස්ත්‍රික් සංගම් වලටත්, ට්රැක්මාස්ටර්ස් සහ ඒයස් ක්‍රීඩා සමාජ වලටත් වාර්ෂික මලල ක්‍රීඩා තරගාවලිය පවත්වන ලෙස දැනුම්දී ඇතැයිද වාර්තා වේ.
මලල ක්‍රීඩා සංගමය පසුගිය ජනවාරි 15 වැනිදා අනුග්රාහකයන් මගින් එහි සාමාජික දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම්, අනුබද්ධ සංගම් හා ක්‍රීඩා සමාජ පහකට රුපියල් ලක්ෂය බැගින් ආධාර මුදලක් ද ලබාදී තිබේ. මේ අතර දිස්ත්‍රික් සංගම් සංවිධානය කරන එම වාර්ෂික තරගාවලිය පැවැත්වෙන ආකාරය අධීක්ෂණය කිරීමටද මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.
ඇතැම් දිස්ති‍්‍රක් සංගම් වාර්ෂික තරගාවලි පැවැත්වූ බවට අසත්‍ය වාර්තා මලල ක්‍රීඩා සංගමයට දීමත් ඊට හේතුවී ඇතැයිද මලල ක්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරයි. එබැවින් ක්‍රීඩා තරග අධීක්ෂණයට නිලධාරීන් යවා තරගාවලි නිරීක්ෂණය කිරීමට මින් ඉදිරියට පියවර ගැනේ.
කෙසේ වුවත් මහනුවර, කොළඹ, පුත්තලම, කුරුණෑගල, කෑගල්ල, හම්බන්තොට, මාතර, මාතලේ, නුවරඑළිය, ගම්පහ, යන දිස්ති්රක්් මලල ක්‍රීඩා සංගම්ද රාජ්‍ය සේවා හා ජනසතුසේවා සංගම්ද හා සී.ටී සහ එෆ්.සී යන ක්‍රීඩා සමාජ පසුගිය වසර කීපයේදී වඩාත් සාර්ථක ක්‍රියාකාරිත්වයක් පෙන්වූ මලල ක්‍රීඩා සංගම් ලෙස මලල ක්‍රීඩා සංගමය හඳුන්වාගෙන තිබේ.
මේ අතර යුද්ධය අවසන්වී වසර හතරක් ගෙවී ගොස් තිබෙන බැවින් උතුරු පළාතට අයත් දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගම් ක්‍රියාකාරීත්වය කෙරෙහි මෙතැන් පටන් දැඩි අවධානය යොමු කිරීමටද මලල ක්‍රීඩා සංගමය තීරණය කර තිබේ.
කෙසේ වුවත් මලල ක්‍රීඩා සංගමයේ දැනුම් දීමෙන් පසු දිස්ත්‍රික් සංගම් කීපයක්ම මේ වන විටත් වාර්ෂික තරගාවලි පැවැත්වීමට දින යොදා ගෙන තිබෙන බවත් වාර්තා වේ. ඒ අතර වසර 2004 දී අවසන් වරට වාර්ෂික තරගාවලිය පැවැත්වූ බව කියන ක්‍රීඩා සමාජයන්ද වන බව සඳහන් වේ.
මලල ක්‍රීඩා සංගමයේ සංවර්ධන කමිටුව විසින් දිස්ත්‍රික් සංගම් සඳහා හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවට අනුව තම ක්‍රීඩාංගණයට අනුවත් ඒවායෙහි මින් ඉදිරියට ඒවායෙහි නිලවරණ කැඳවන්නේද වසර දෙකකට වරක් වන අතර මූලික සුදුසුකම් නොමැති අපේක්ෂකයන් ඒ සඳහා මලල ක්‍රීඩා සංගමයේ සභාපතිවරයාගේ අනුමැතිය ලබාගැනීමෙන් නිලවරණයට ඉදිරිපත්වීමේ අවස්ථාව හිමිවේ. මේ අතර මින් ඉදිරියට දිස්ත්‍රික් සංගම් නිලවරණ නිසිපරිදි අධීක්ෂණය කිරීමට නිලධාරීන් අනිවාර්යයෙන් යෙදවීමටද තීරණය වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.